ඥාණසාර හිමියන් බුදුන් වහන්සේ අභිමුඛ - Gnasara Thero At The Buddha

“ඥාණසාරයෙනි, බහු ජනයාගේ හිත සුව පිණිස ධර්ම චාරිකාව සඳහා මගෙන් සමුගත් පසු ඔබ හමුවූයේ අද ය. ධර්ම චාරිකාව කෙසේ ද ඥාණසාරයෙනි?“

“ස්වාමීනි, ශ්‍රී ලංකා ද්වීපයේ  නො ගිය තැනක් නැති ය. රජ සිටුවරුන්, මැති අැමතිවරුන්, ප්‍රභූන්, ගම් දෙටුවන් එකකු නො හැර හැඳින්නෙමි. ඔවුන් ලවා අන්‍ය ලබ්ධිකයන් ගේ ආරාම සමතලා කෙරෙව්වෙමි, ඒ මත අපගේ  නව වෙහෙර ආරාම ඉදි කෙරෙව්වෙමි. ඒවා රැකීමට ම විසින් සසුන්ගත කළ ‍භික්ෂූන් රැඳෙව්වෙමි. ස්වාමීනී, කසාවතක් නො මැති එක ද ගම්මානයක් හෝ අද ශ්‍රී ලංකා ද්වීපයේ නැත. මෙ වන් සපන්කමක් මට කලහැකි වූයේ බලගතු XXX කුමරුන් ම විසින් දිනාගන්නා ලද හෙයිනි.“



“ඥාණසාරයෙනි, ඔබ අන්‍ය ලබ්ධිකයන්ගේ වෙහෙර ආරාම සමතලා කල බවක් කිවෙහි නො?“

“ ස්වාමීනි, එ සේ කළෝ ම විසින් දිනාගන්නා ලද කෙළෙඹියෝ ය; ගම් දෙටුවෝ ය; මානවකයෝ ය. විෂකුරු සපුන් දුටු දුටු තැන වනසා දැමිය යුතුවා සේ, අසත් ධර්ම ඇති අන්‍ය ලබ්ධිකයන් ද විනාශ කිරීම රට වැසියා ගේ සුව සතුට සඳහා ම වන්නේ යයි මම ඔවුනට අනුශාසනා කළෙමි.“

“ ඥාණසාරයෙනි, විෂකුරු සපුන්ටත් මනුෂ්‍යයන්ට සේම මෙලොව ජීවත් වීමේ අයිතියක් ඇත්තේ ය. ඔවුන් දුටු දුටු තැන නසා දැමිය යුතු ය යන දැකුම ඔබ ගේ ධර්මය යි. කෙනෙකුට තමාගේ මනාපය අවබෝධය ඇතිව යම් ධර්මයක් ඇදහීමේ මෝ නො ඇදහීමේ අයිතිය ද ඇත්තේ ය. ඔබ ගේ යුතුකම වූයේ දයා කරුණාවෙන් අන්‍ය ලබ්ධිකයන්ට යථාර්ථය වටහා දීම මිස ඔවුන්ගේ වෙහෙර ආරාම සමතලා කොට ඔවුන් පලවා හැරීම නොවේ.“

“ස්වාමීනි, පුන පුනා දෙසුව ද වැඩක් නැත, සුනඛයා අශූචියටම දිවෙන්නා සේ ඔහු ද මිත්‍ය මතවාදයන්  කෙරෙහිම ඇලෙති.“

“ඒ කෙසේ ද පින්වත.........“

“ අනේ මේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දන්න ලබ්බක් නැ... අන්න අර ලෙබ්බෙලා ටික කළුතර කොල්ලෙක්ගේ ජුන්ඩ මිරිකලා.. අර වහන්සෙට ගහලා.. යකෝ බුදු හාමුදුරුවුනාම වැඩලා අපේ සංඝේ අයිතිය තහවුරු කරන්න එපැයි. මෙතැන බණ දෙසන්නේ....
ඔබ වහන්සේ නිවටයෙක් වගේ ඉන්නෙ ඇයි? හැදුවෙත් එක ලමය යි.. ශාක්‍ය පරම්පරාවම එතනින් අතුගෑවිලා ගියා.. රකින්න එකෙකුත් නැ.. ඌත් මේක අස්සේ ලැගලා.. අන්න ඌටවත් සාසනේ ඉතුරු වෙන්න අරුං ව කපලා එමු ස්වාමීණී...“

*** මන:කල්පිතයකී ****

පසුවදන -

මින් බෞද්ධ ආකල්පයන් ගැන කිසිවක් ඉස්මතු නොවන අතර බුදු දහම නමින් එකිනෙකාගේ මත ඉදිරිපත් වීම හුවා දක්වා ඇත.

අළුත්ගම සිද්ධිය යනු යම්කිසි සිද්ධිමාලාවක අවසාන ඵලයක් වන අතර එහි ආරම්භය කුමන පාර්ශවය මතින් වූවාද යන්න නොදැන එහි වගකීව යුත්තේ කවුරු කාට දැයි අපට කෙලින්ම දෝශාරෝපණය හෝ චෝදනා කල නොහැක.

තවද මුසල්මානු අකටයුතු කම් දෙස සැහෙන කලක් අප බලා සිටියෙමු නමුත් ඊට පිලිතුරු දිය යුත්තේ මේ අයුරින් නොවන බව අපගේ අදහස යි. හැම මරක්කලයාම තලෙයිබාන් සොල්දාදුවෙකු නොවන මුත් හැම තලෙයිබාන් සොල්දාදුවෙකුම මුසල්මානුවෙකි...

Comments

  1. Meka liyapu ekata madana modake kawilada koheda hambayekge......

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙක ලියපු එකා අනිවා වටරෙක විජිත හාමුදුරුවො වගෙ මොලෙ අවුල් එකෙක් කියලා හොදත තේරෙනවා..බෞධ්දයන්ට වෙඩියක්ම ගරහන්නෙ තඹියො නෙමෙයි බෞධ්දයොමයි..යකඩයක් දිරන්නෙ යකඩෙම හෙදෙන මලකඩ වලින්නෙ...

    ReplyDelete

Post a Comment

Popular Posts