බජට් ටැක්සි හා රියදුරන් - ඔබ නොදන්නා පැත්තක ඇත්ත කථාව - The True Story of Budget Taxi and Drivers (3Wheel Lanka)




ලංකාවේ අපිට ත්‍රී වීලර රථ රියදුරෙක් කිවාම මතක් වේන්නේ කොණ්ඩය ටිකක් දිගට වවාලා, නිතරම කුණූහරුප කියන , කුඩු ගහන අපිලිවෙල ඇඳුම් හැඳී පුද්ගලයෙක්. නමුත් මේ චරිතය තුල ඉන්නේ ද දුවා දරුවන් සිටින එක්තරා අන්දමක මනුශ්‍යයෙකි.
අද 1000 ටෝක්ස් වෙන්වෙන්නේ බජට් ටැක්සි රියදුරන්ගේ සත්‍ය කථාව හෙලිකරන්නයි.

Lalith Dharmasekara
දේශීය ත්‍රි රෝද රථ රියදුරන්ගේ වෘත්තීයේ තත්වය උසස් කිරීමේ අරමුණින් ලලිත් මහතා අැතුලු පිරිසක් ඇරඹූ සමස්ථ ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය 2010 වසරේ දී දීප ව්‍යාප්තව ආරම්භ විය. එහි දී ඔවුන් විසින් හොට් ලයින් එකක් සහිතව ඇමතුම් මධ්‍යස්ථාන සහිත ත්‍රි රෝද රථ සේවා සැපයීමේ ක්‍රමයක් ස්ථාපිත විය. මෙයින් පාරිභෝගික ජනතාව හා රියදුරන්ට ලාභ දායිත්වය එකල ඇති විය.
මෙහි මුලිකත්වය ගන්නේ සමස්ථ ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතායි. ඔහු විසින් මේ ගත් සේවාව ඇගයිය යුතු ය. පාරිභෝගියන්ට ගමන් කරන දුරට ගෙවීම් කලයුතු එසේම විනගරුක සේවාවක් මේතුලින් ලැබේ.



එනමුත් මෙම රියදුරන්ට ඉන් ප්‍රතිලාභ ලැබේ ද? යන්න ගැන විමසිය යුතුය.

බජට් ටැක්සි හි දත්ත පද්ධතියේ තමන් සිටින ස්ථානය ගැන ඇමතුම් මධ්‍යස්ථාන දැනුවත් කිරීම ඒ ඒ ත්‍රි රෝද රථ රියදුරුගේ වගකීමයි. ඒ අනුව ඇමතුම් මධ්‍යස්ථානය අමතා ඔවුන් තමන් සිටින ස්ථානය දැනුවත් කර දවසේ වැඩ අරඹයි.



මෙම සේවාව සඳහා රියදුරෙක් විසින් එම සංගමයේ සාමාජිකත්වය ලබාගත යුතුයි. ඒ සඳහා ඔහු ඇතුලත් වීමේ ගාස්තු සහිතව රු 15000/=ක් පමණ එම සංගමයට බැඳිය යුතුයි. මීට අමතරව සෑම මසකම සාමාජික ගාස්තු ලෙසින් රු 3000ක් ගෙවිය යුතුය. එහිදී ඔහුට දුරකතන අංකයක් ලබා දී ඔවුන්ගේ දත්ත පද්ධතිය වෙත රියදුරන් ඇතුලත් කරගනී. එසේම බජට් ටැක්සි ස්ටිකර් හා නාම පුවරු වෙනුවෙන් වෙනමම ගෙවීම් කර ඒවා ලබාගත යුතුයි.

මෙම සාමාජික ගාස්තුව වන රු 3000ක් නොගෙවන විට දී සාමාජිකත්වය තාවකාලිකව අහිමි වන අතර දත්ත පද්ධතියෙන් තාවකාලිකව ඉවත් කරයි.  ඊට අමතරව දැඩි ලෙස රියදුරන් ගසාකෑමකට ලක්කර මේ ලලිත් ධර්මසේකර හා එම මැතිණිය පරිපාලන නිලධාරින් ඇතුලු විධායක යැයි පවසාගන්නා පිරිස දැඩි ලාභ හිමිකරගන්නා බව සාක්ෂී ඇතිව ඔප්පු කල හැකිය.
බජට් ටැක්සි ආයතනය විසින් විවිධ ආයතන හා ඇති කරගන්නා ලද ගිවිසුම් අනුව පසුව ගෙවීම් කිරීමේ (Credit Hire) පොරොන්දුවෙන් සේවාව සපයයි. මෙලෙස සේවාව ලබා දෙන රියදුරු එම බිල්පත සිය මුදල ලබාගැනීම සඳහා කාර්යාලයට ඉදිරිපත් කල පසු මාස කිහිපයකට පසු එම මුදල 10%ක Document Charges වලට යටත්ව ගෙවීම සිදු කරයි.
රියදුරු රු 800ක හයරයක් ගිය විට මාස කිහිපයකට පසු ලැබෙන්නේ රු 720ක් වැනි මුදලක්. එක් රියදුරෙකුගෙන් මෙසේ නම් සාමාජිකත්වය ලබා දැති 2000ක් ඉක්ම වු සමස්ථ සාමාජිකයන්ගේ මුදල් වලට වන්නේ කුමක් ද?


මොවුන් කටයුතු කරන්නේ ත්‍රි රෝද රථ රියදුරු යනු පාසලේ 8 පන්තිය සමත් අධ්‍යාපනය අඩු පුද්ගලයන් ය කියා. නමුත් සමාජයේ තැම්බුණ ඔවුන් රැවටීම අපහසුය. ඊට ඔවුන් ලස්සන ගැට යොදාගනී බොරු නීතිමය පදනම් පෙන්වමින් විශ්වාසය දිනාගන්නා අන්දමට දේශනපවත්වා මේ විධායකය නිරන්තර රැස්වීම් පවත්වතී. කිසියම් රියදුරෙකුට එයට සහභාගී වීමට බැරි වුවහොත් ඔහුව සතියකට පමණ මෙම පද්ධතියෙන් තාවකාලිකව ඉවත් කරයි. නැවත ඇතුලත් කරන්නේ මේ සභාපති ට හිතෙනා දිනට පමණි. එවිට ඔවුන් විසින් නොමැති කාලසීමාවට පවා 3000ක මුදල් ගෙවා පැමිණිය යුතුයි.  එසේම මෙම රැස්වීම් සංවිධානය කිරීම සංග්‍රහ පැවැත්වීම මෙම විධායක මණ්ඩලය සඳහා ගමන් පහසුකම් සපයන්නේ ද මෙම රියදුරන් විසිනි.


එසේම විකිණෙන්නැති වෛද්‍ය ගුණදාස අමරසේකරලාගේ පුවත්පතක් වන මුරගල වැනි පුවත්පත් මෙම රියදුරන්ට මිලදී ගැනීම අනිවාර්ය කර ඇත. ප්‍රතික්ෂේප කරන්නන්ට අත්වන්නෙ ඉහත ඉරණමමයි.

රක්ෂණ ක්‍රමයක් ද ආරම්භ කර ඇති මෙම බජට් ටැක්සි ආයතනය (3WHEEL LANKA ) ආයතනය ඒ සඳහා රියදුරන්ට අනිවාර්ය කර ඇත.  ඒ සඳහා ඔවුන්ට රක්ෂණ ගිවිසුමක් හෝ වාරික ගෙවීමේ දී ගෙවීම් සඳහා ලදුපතක් වත් ලැබෙන්නේ නැත. අඩුම තරම කුමන රක්ෂණ ආයතනයක් දැයි වත් මෙම රියදුරන්ට නිසි ලෙස ප්‍රකාශ කර නොමැත.

 හිතන්න මසකට රු 800 ගණනේ 2000කගෙන් මොවන් ලබන ආදායම. එසේම මොවුන් කිසියම් ආයතනක් හා ගිවිසුමක් ඇති කරා නම් ලලිත් ධර්මසේකර ප්‍රමුඛ විධායකය ලබන සමස්ථ කොමිස් මුදල?. මේවා අයතා ලෙස ගිණුම් වලින් බාහිරව ලබන ආදායම් වේ.
ගෙවීම් ප්‍රතික්ෂේව කරන්නා වු රියදුරන්ට අත්වන්නෙ අවාසනාවන්ත ලෙස පද්ධතියෙන් ඉවත් කර හයර් ලබා නොදීමයි.

තවද විවිධ සමාජ සුභසාධන ක්‍රියාකාරකම් හි නිරත මෙම ලලිත් ධර්මසේකර ප්‍රමුඛ බජට් ටැක්සි ආයතනය (3WHEEL LANKA ) විසින් සිය ලාභාංශ ඒ සදහා යොදනවා වෙනුවට මෙම අහිංසකයින්ගෙන් අයතා ලෙස අරමුදල් රැස්කරනු ලබයි. එසේ කර ඔවුන් එම වැඩසටහන් හී මුලිකත්වය ගනී..  ඊට දායකත්වය නොදකවන අයට ද වන්නේ පෙර කියූ අසාධාරණ ඉරණමයි.

මීට අමතරව දේශපාලන උද්ඝෝෂණයන් හී විමල් වීරවංස ප්‍රමුඛ ජාතික පෙරමුණේ විවිධ උද්ඝෝෂණයන් ට ද මෙම රියදුරන් කැඳවාගෙන ය්නනේ ඔවුනගේ පටු අරමුණු ඉටුකරගැනීම සඳහාය.

තවද නුදුරු අනාගතයේ දී සමූපාකාර ක්‍රමයක් මෙම රියදුරන්ගෙන් අරඹා සිය මඩිය තරකරගැනීමේ කූට ක්‍රමයක් මෙම ආයතනය අරඹන බවත් එහිදී එම ක්‍රමය විසින් අත්කරගන්නා ලද  ලාභාංශ මෙම රියදුරු මහතුන්ට ලැබීමේ කිසිම ක්‍රමය පිළිබඳව රියදුරන් විසින් ප්‍රශ්න කරද්දී ඔවුන්ට දීමට පිලිතුරුද නැතිව ගිය බව අපට ආරංචිය.  මෙය ශ්‍රී ලංකා සමූපාකාර මණ්ඩලයේ ව්‍යවස්ථාවට අනුකූල නොමැති බවත් සමූපාකාර නම පමණක් භාවිතා කරන බවත් අපට දැනගන්නට ලැබී තිබේ. මේ වංචාවන් කරන්නේ කාට ද?

එසේම රජයේ අවසරයකින් තොරව සමූපාකාරය වන වදන පවා භාවිතා කිරීමට නොහැකි තත්වයක් යටතේ
 , ශ්‍රී ලංකා සමූපාකාර මණ්ඩලය හැර වෙනත් පෞද්ගලික ආයතනයන්ට රු100 යේ හිමිකම් රැස්කරමින් සමූපාකාර ක්‍රමයක් පවත්වාගෙන යාමට බලය අත්වන්නේ කෙසේ ?

අප කිය්නනේ ලලිත් ධර්මසේකර මහතා ප්‍රමුඛ මෙම ආයතනික පරිපාලනයට ඔබ ඇරඹූ ක්‍රමය හොඳය පවත්වාගෙන යන ක්‍රමය වැරදිය.

ඔවුන්ගේ මවා පෑම් සහිත වෙබ් අඩවිය http://www.budgettaxilk.com/ මෙන්න නරඹන්න..

අනිකුත් ආයතන හී ද තත්වය මීට දෙවැනි නොමැති බව ද අප දනිමු.

Comments

  1. මෙවැනි ලිපියක් පල කිරීමේදි ආයතනය පැත්තෙනුත් අදහස් ගත්තා නම් සාධාරනයි

    ReplyDelete
  2. මම අවුරැද්දක් විතර හයර් යනවා බජට් ටැක්සි ඒක්ක හැම රියදුරැ මහත්මයක්ම ෙම් කතාව කියනවා නමුත් ෙමම ෙස්වාව මගින් ෙම් සියලු ෙදනාටම හයර් අඩුවක් නැතිව හම්බ ෙවනවා

    ReplyDelete

Post a Comment

Popular Posts