බෝදු බල සේනාව සහා බෞද්ධ දර්ශනය - BBS and The Buddhism

Wikipedia


පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුල ඇති වූ වාතාවරණය සමඟ බොදු බල සේනාව වඩාත් කැපී පෙනෙන දෝශදර්ශනයට ලක් වූවා. එක්වරම මහා පෙරළියක් ඇති කරන ලද බොදු බලය බෞද්ධ දර්ශනය විකෘති කරමින් කටයුතු කරනවා යැය ද මහා ජාතිවාදි අරගලයක මූලිකත්වය ගන්නවුන් ලෙසද චෝදනා එල්ල වූ සමාගමක්. ඉඳින් මේ අවසරය ඒ පිලිබඳ විමසීමටයි.

බෝදු බල සේනා සංවිධානයේ සාමාජිකත්වය ලද්දවුන් සියල්ලන්ම පාහේ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන්. එබැවින් එය බොදු (බෞද්ධ) බල සේනාව ලෙස නම් ලද්දා. එහි මෙහෙයවීම සිදු වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින්. මෙම සංඟමයේ අරමුණ ලෙස දැක්වෙන්නේ ලෝකයේ බුදු දහම ආරක්ෂා කිරීම හා සිංහල ජාතිය සුරැකීමයි.

ඒ බව විකිපීඩියාවේ හා නිල වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙනවා.

“බුදු දහම පරපුරින් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා බුදු දහමේ චිරස්තිථිය හා ආරක්ෂාව තහවුරු කිරීමේ පරම අපේක්ෂාවෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලීව පෙළ ගස්වා නායකත්වය ලබාදීම පිණිස , ගෝලීය අභියෝග ජවගත හැකි උත්තරීතර භික්ෂු පරපුරක් නිර්මාණය කොට බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන බෞද්ධ සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සකස් කොය රට ජාතිය නගා සිටුවීමට නායකත්වය ලබාදීම” 
[Wikipedia][නිල වෙබ් අඩවිය]


ශ්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනය මුල් කරගත් සංවිධාන කෙතරම් තිබේ ද
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට ගමේ පන්සලේ දායක සභාව, තරුණ බෞද්ධ සංවිධානය දක්වාමත් ව්‍යාපාරික සමාගම් දක්වාත් (කිරිබත්ගොඩ එක්සත් සිංහල බෞද්ධ වෙළෙඳ සංගමය) උදාහරණ පෙන්විය හැකිය. 
මේ සියල්ලේම මුලික වන්නේ බුදු දහමේ හර පද්ධතීන් එසේ වූවා යැයි කියා ඔවුන් සිය කටයුතු බෞද්ධ දර්ශනය අනුව සිදුකරනවා ද?  අප රජය උතුරේ LTTE ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ සිට ගමේ පන්සලේ මල් වෙන්දේසිය ද  බුදු දහම අනුව පිලිගත හැකි සාධක ද? නැත.

දැන් අප බොදු බල සේනාව දෙස විමසිලිමත්ව බැලූ කල ඔවුන් බිහි වී සිටින්නේ රට පුරා ගොස් බණ දෙසන්නවත් දාන වැළඳීමටවත් නොව ජාතික සමඟිය හා බෞද්ධ දහමේ උන්නතිය සඳහා ය. අන්‍යාගමීකරණයන් වැළැක්වීම බෞද්ධ හා ජාතික පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන සුරැකීම යනා දී කරුණු ඔස්සේ ය.

බොදු බලය හැසිරුනේ බෞද්ධ දේශනාවට අනුව ද ඔවුන්ගේ හැසිරීම බෞද්ධ සංවිධානයකට උචිත ද? නැත
නමුත් ඔවුන් ගේ අරමුණු , දැක්ම හා මෙහෙවර අනුව ඔවුන් බණ දෙසා වැඩක් නැත. මන්ද අප උපන්දාසිට බණ ඇසුව ද ඒ බණ ක්‍රියාවට නංවන්නේ මැදිවිය ද අහවර වූ පසු නිසා ය. ඔවුන් කරේ දේශණය. ගහන්න මරන්න කීවේ නැත. සිංහල ජාත්‍යාලය නැංවීය. ජාතිය බිහි කිරීමේ වගකීම හා වගවීම පෙන්නුවෝය. එහි වැරැද්දක් නැත. ඔවුන් ජාතියට ඇති විරුද්ධ බලවේග පෙන්නුම් කලෝය. එතැන් සිට ඔවුන් පිලිබඳ වැරදි වැටහීම් බිහිවන්නට විය.
පලමුව ඔවුන්ගේ මේ දේශන වැරදියට අර්ථකතනය කිරීමත් ඒ තුලින් විවිධපාර්ශව විසින් ජනතාව තුල ජාතිවාදී හැඟීම් ඇතිකිරීමත් සිදු කෙරීය.
හලාල් සටන
හලාල් වෙනුවෙන් උළමා සංවිධානය කරන ලද වංචාවන් හෙළිකිරීම හා ඊට විරුද්ධව ජනතාව පෙලගැස්වීම තුල වැරැද්දක් නොමැත. බුදුන් වහන්සේ පවා වැරැද්ද දුටු තැන පෙන්වීම හා නිවැරදි කරගැනීමට සැලැස්වීම අනුදැන වදාල යහ පුරුද්දකී.


අවසන අප පවසන්නේ බොදුබලය ඔවුන්ගේ ගමන ගියාවේ බුදු දහම එහි ගමන ගියාවේ යනුවෙනුයි.
 බෞද්ධ සංවිධානයක් වූ බැවින්ම බණ දෙසිය යුතු නොවේය.. බණ ඇසීමට නම් පන්සලක පින්කමකට , බණ ගෙදරකට යා යුතුය.

Comments

Popular Posts