නරසිංහ - විශ්ණු දේව අවතාර - දේව කතා

http://www.vcm.org.in
දේවකතා අහන්න අපි කවුරුත් කැමතිනේ. ඔන්න ඉතින් නිකන් ඉන්න එකේ දේව කතාවක් කියන්න යන්නේ.. හින්දු දේව සාහිත්‍යයේ එන විශ්ණු ගැනයි.. දන්නවානේ විශ්ණු කියන්නේ අවතාර 10කින් විවිධ කාල වල පෙනී සිටින කෙනෙක් කියලා. මේක මේ එයාගේ එක අවතාරයක් වෙච්ච නරසිංහ අවතාරය ගැනයි.

ඔන්න එකෝමත් එක කාලෙක දී මුළු විශ්වයේම බලය තමන් අතට ගන්න ඕන කියලා හිතපු හිමන්‍යක් කියලා අසුරයෙක් හිටියලු.. මේ අසුරයට මේ ආසාව නිසාව ඉතාම අපහසු වෘතයක් සමාදන් වුණා ලු මහා බ්‍රහ්මයාගෙන් වරම් ලබන්න. හිමන්‍යක් තමන්ගේ පාදයේ ඇගිලි වලින් එසවිලා අත් ඉහලට ඔසවාගෙන දැන් ඉන්නවාලු මේ වෘතය වෙනුවෙන්.. ඕම ඉන්නකොට ආකාශ වසර 100ක් ගියාලු..
http://www.vcm.org.in

එක්වරම හිමන්‍යක් ගේ අත් වලින් ආපු එලියක් මුලු විශ්වය පුරාම පැතිරිලා ගියා. ඒකේ බලපෑම වුණේ අර්ධ දෙවිවරුන්ටයි.. ඒ කියන්නේ දෙවියොයි මනුෂ්‍යයො යි නිසා උපත ලබපු අය. ඉතින් මේ රස්නේ දරාගන්න බැරිව ඒ අය මහා බ්‍රහ්මයා ලගට ගිහින් කිව්වා,  මේ හිමන්‍යක් ගේ වෘතය නවත්තන්න ඒක නිසා ලෝකය විනාශ වෙන්න පුළුවන් කියලා.

මේක ගැන කල්පනා කරලා ලෝකය මවපු මහා බ්‍රහ්මයා හිමන්‍යක්ව මුණගැහෙන්න ගියා. යනකොට හිමන්‍යක් ව හොයාගන්න බැලු.. මුළුශරීරයම මැටිගොඩකින් වැහිලා. දිවැසින් හිමන්‍යව බලපු බ්‍රහ්මයා දැක්කලු මහලු වෙලා ශරීරය කෙට්ටු වෙච්ච වැහැරිච්ච අසුරයා.

දැන් දුක හිතුන බ්‍රහ්මයා අමෘතය ස්වල්පයක් හිමන්‍යට දීලා ආපහු තරුණ ස්වරූපය අරන් දුන්නා. ඒ වගේම කවදාවත් වයසට නොයන්නත් සලස්වලා දුන්නා. හිමන්‍යගේ උග්‍ර වෘතය ගැන පැහැදුන බ්‍රහ්මයා ඔහුට කැමති වරයක් ඉල්වන්න අවස්තාව සලස්වා දුන්නා.

මේ ගැන කල්පනා කරපු හිමන්‍යක් " ස්වාමීනි!, මාගේ වරය මෙසේය. 
කිසිදිනක දී මනුෂ්‍යයෙකු අතින් හෝ අමනුශ්‍යයෙකු අතිත් හෝ සත්වයෙකු අතින් ,
නිවස තුල දී හෝ ඉන් බැහැරක දී ,   රාත්‍රියේ කාලයේ දී  හෝ  දිවා කාලයේ දී,
අහසේ දී හෝ දියේ දී හෝ භූමියේ දී,  කිසිම ආයුධයකින්  මා මරාදැමීමට නොහැකි වන සේ ද , සියලු අර්ධ දෙවියන්ගේ පාලනය ද වන සේය " කියලා කිව්වා.

බ්‍රහ්මයාත් මේ වන විට ඔහු ගැන පැහැදිලා හිටපු නිසා එය එසේම වේ යැයි කියලා ඔහුගේ වරය ප්‍රදානය කරන්නට වුණා.

මේ වරයත් එක්ක ආපහු මනුලොවට ආපු හිමන්‍යක් අසුරයා ඉතා දුෂ්ඨ පාලනයක් මේ ලෝකය පුරා ගෙන ගියා. සියලු සත්වයන් තමන්ට වන්දනා කලයුතු බවත් එසේ නොකල හොත් මරණයට පත් කරන ආකාරයේ දරුණු පාලනයක් ගෙන ගියා. එසේම ඒ වෙද්දි හිරණ්‍යක් නැමැති ඔහුගේ සහෝදර අසුරයා විශ්ණු අතින් දේව දණ්ඩනයට ලක් වෙලා මිය ගිහින් හිටියේ.. මේකත් එක්ක හිමන්‍යක් විශ්ණු ගැන සැහෙන කේන්තියකින් පසුවුණා.

ඔය අතරේ හිමන්‍යක් ගේ පුතු ප්‍රලාද් විශ්ණු දෙවියන්ගේ වෙනුවෙන් පුද පූජා පැවැත්වුවෙක්. හිමන්‍යක් කෙතරම් පුතාට අවවාද කරත් ඔහු  විශ්ණු වෙනුවෙන් කරන ලද පුජා නැවැත්තුවේ නැ. ඔහුගේ විශ්ණු ලබ්ධිය කෙසේ ද කියතොත් මුළු ලොවින්ම විශ්ණුට සිටින හොඳම බැතිමතා වුනේ හිමන්‍යක්ගේ පුත්‍රයා වුණ ප්‍රලාද්.

ඔහු වරින් වර සිය පුත්‍රයාගේ විශ්ණු ලැදි කම නැති කරන්න ඔහු මරන්නට පවා තැත් කරා. වරෙක අලි ලවා.. තවත් වරෙක විශ නාගයින් සිටින කාමරයක දමා. මේ සෑම අවස්ථාවකදීම ප්‍රලාද් ගේ විශ්ණු භක්තිය විසින් ඔහු බේරාගනු ලැබුවා.

දවසක් මේ හිමන්‍යක්ගේ පාලනය නිසා අසරණ වුන දෙවිවරුන් විශ්ණු හමුවට ගිහින් තමන්ගේ දුක කියලා කිව්වා මේකෙන් බේරලා දෙන්න කියලා. විශ්ණුත් කල්පනා කරා මොකද කරන්න ඕන කියලා ඇයි හිමන්‍යක් ගේ වරය ගැන මුළු දිව්‍ය මණ්ඩලයම ඒ වෙද්දි දැනගෙන හිටියා.

දවසක් හිමන්‍යක් තම පුත්‍රයාගේ ක්‍රියා කලාපය ගැන කල කිරිලා ඔහුව ප්‍රශ්ණ කිරීමකට ලක්කරනවා.

හිමන්‍යක් - ඔය තමුසෙගේ විශ්ණු කියන්නේ කවුද? ඕකා කොහිද ඉන්නේ ?

ප්‍රලාද් -  පියාණනි ඔහු සැම තැනම සෑම කෙනෙකු තුලම සිටිනවා

හිමන්‍යක් - ඌට මට කල හැකි කිසිවක් කරන්න පුළුවන් ද? මේ මා ගොඩනගපු මන්දරයේත් ඌ ඉන්නවා ද?

ප්‍රලාද් - ඔව් පියාණනි ඔහු ඉන්නවා.. මේ මැදුර දරා සිටින කණුවක පවා ඔහු සිටිනවා.

මින් කිපුණු හිමන්‍යක් ප්‍රලාද් සිය දෑතින්ම මරණයට ලක් කරන්න සූදානම් වෙනවා.

එක්වරම මැදුරේ කුළුණක් පුපුරා අර්ධ සිංහ අර්ධ මිනිස් වෙස්ගත් විශ්ණු එලියට විත්
හිමන්‍යක් සිය උකුලේ හොවා මැදුරේ එලිපත්තේ සිට සිය දෑතේ ඇති තියුණු නිය  මගින් අතුණු බහන් උදුරා හිමන්‍යක් මරණයට පත් කර ලෝකය ඔහුගෙන් මුදා ධර්මය ඇති කරනවා.


ඔන්න ඕමයි නරසිංහ අවතාරය ගැන කතාව.









Comments

Popular Posts