ලිංගිකතාවය - Sexuality - Gay - Lesbian - Transgender


A wonderful social work by Indian Transgenders




අද සමාජයේ බොහෝ දෙනෙක් ලිංගිකත්වය ගැන කථා කරන්න පටන් අරන්.. අපි පාසල් යන කාලේ සෞඛ්‍ය පාඩමට ප්‍රජනන පද්ධතිය කියලා දුන්නා මතකයි.  ලිංගිකත්වය හා ලිංගික අවයව කියන කොටස ගුරුවරු උඩින් පල්ලෙන් කියවං ගිය හැටි තාමත් මතකයි.  ඒ වගේම අද වන විට මේ ලිංගිකතාව Sexuality කියන එක ගැන විශාල සංස්කෘතික මත ගැටුමක් ඇතිවෙලා තියෙනවා කියලා දකින්නත් පුළුවන්..

ලිංගිකතාවය

ලිංගිකතාවය කියන්නේ පුද්ගලයෙකු විසින් උපතින් උරුම කරගන්නා වු ස්ත්‍රී පුරුෂ භාවය යි. නමුත් ලිංගිකතාවය හා ලිංගික නැඹුරුව අතර වෙනස්කම් කිහිපයක් තිබෙනවා.ලිංගික නැඹුරුවයි කියන්නේ ඒ පුද්ගලයා ලිංගික ක්‍රියාවන් වෙනුවෙන් ඇතිවන ආකර්ශණයයි. අපි එකිනෙකා ජානමය වශයෙන් ගෙන ආ ලිංගික නැඹූරුතාවයක් තියෙනවා. ඉන් පුද්ගල පෞරුශත්වය ගොඩනැගිලා තියෙනවා. සාමාජයක සිටින පුද්ගලයින් ගත්තාම ඒ පුද්ගලයින්ගේ ලිංගිකතාව අනුව  කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. ***








1. සමලිංගිකතාව   - Homosexuality
2. උභය ලිංගිකතාව   - Bisexuality
3. විරුද්ධලිංගිකතාව  - Heterosexuality


මේ තුන අපි දන්නවාගේ ඉතින් දැන් අපි මේක විග්‍රහා කරගමු. අපි විරුද්ධලිංගිකතාවය කියන කොටසින් ආරම්භ කරෝතින් අපි දන්නවා බොහෝමයක් දෙනා සිය විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ලිංගික නැඹූරුවක් දක්වනවා. ලිංගික එක්වීමටකට ලිංගික සතුටකට ඔවුන් කැමැත්ත දක්වන්නේ සිය විරුද්ධ ලිංගක අයෙකුටයි. ස්ත්‍රියක් නම් පුරුෂයෙකුටත් පුරුෂයෙක් නම් ස්ත්‍රියකටත් ලෙස දැක්විය හැකිය. එය ලෝක ස්වභාවයයි. ලෝකයේ පැවැත්මය ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ එක්වීම අත්‍යාවශ්‍යයි. ජීවයේ පැවැත්ම එයයි.

උභය ලිංගිකතාවය - Bisexuality

උභය  ලිංගිකතාවය ලෙස දැක්විය හැක්කෙ විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සමාන ලිංගිකයන්ට ද ලිංගික ආකර්ශනයක් ඇති බවයි. මොවුන්ට පාර්ශව දෙකම කෙරෙහිම ලිංගික හැඟීම් ඇතිවේ. ඕනෑම සමාජයක ද්විලිංගික පුද්ගලයින් බහුල බවයි සමාජ සංවිධාන පවසන්නේ.

සමලිංගිකතාවය - Homosexuality

බොහෝම පරිස්සමට කථා කලයුතු තැනක්. සමලිංගිකතාවය යනු සිය ලිංගික නැඹුරුතාවය සමාන ලිංගිකයන් කෙරෙහි ඇති බවයි. සමලිංගික පිරිමින් (Gay) ලෙසත් ගැණුන් (Lesbian) ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වෙනවා.

ඒ ඒ ලිංගකත්වයන් අනුව ආකර්ශණයන් බිහිවන මූලාශ්‍රයන්

ස්ත්‍රී ගති
pcwallpaperhd.com


  • වැඩුන පියයුරු
  • දිගු කොණ්ඩය
  • ලාලිත්‍ය
  • පිරුණු අඟ පසඟ
  • සුමුදු සම
  • සිහින් කටහඬ
  • සංවේදී බව (වැඩිවශයෙන්)
  • බොරුවට හැඬීම
  • පිරිමින් ආකර්ශණය උන්නදු වීම
  • Dramatic
  • රැකවරණය පැතීම


පිරිමි ගති
www.sodahead.com


  • වැඩුනු බාහු
  • ශක්තිමත් බව
  • රැවුල
  • හැඩි දැඩි බව
  • රළු බව
  • ගොරෝසු කටහඬ
  • රැකවරණය ලබා දීම
  • කාන්තා ආකර්ශණයට උනන්දු වීම
  • ශරීරයේ රෝම (පපුව/බාහු/කකුල්) 




දැන් ලිංගිකත්වය හා ලිංගිකතාවය ගැන අප විමසා බැලුවොත් ලිංගිකත්වය ගැන මුලික හැඳින්වීමක් කරන්නම්.. ස්ත්‍රී පුරුෂභාවයට අප ලිංගිකත්වය ලෙස සාමාන්‍යයෙන් අප දැක්වුවත් මීට අමතරව ස්ත්‍රී පුරුෂ භාවයේ අතරමැදි අවස්ථාවක් දැකිය හැකියි. Transgender ලෙස එක දක්වන්න පුළුවන්. ඔවුන් තමන් උපතින් ගෙන ආ ලිංගිකත්වයෙන් බැහැර වෙමින් වෙනත් ලිංගිකත්වයකින් පෙනී සිටිනවා. (මම වැරදි නම් නිවැරදි කරන්න) මොවුන් තුල ස්ත්‍රී හා පුරුෂ ගති ලක්ෂණ වල සම්මිශ්‍රණයක් දැකීමට හැකියි.

එසේම සෑම සමලිංගිකයෙකු තුලම ස්ත්‍රී පුරුෂ ගති ලක්ෂණ මිශ්‍රව අඩුවැඩි වශයෙන් දැකීමට නොමැත. ඔවුන් ද සාමාන්‍ය ඔබ අප වගේ ජීවත් වේ. එහෙත් තවත් සමහර සමලිංගිකයන් තුළ  ස්ත්‍රී පුරුෂ ලක්ෂණ මිශ්‍රණයේ බහුලත්වයක් දැකිය හැකිය. සැම පුද්ගලයෙකු තුළම මෙම ගැහැණු හා පිරිමි ලක්ෂණ ඇතුලත් අතර ඒවා ජානමය හේතුන් මත අඩු වැඩි වී ඔවුන්ගේ ලිංගිකත්වය බිහි වේ. පුරුෂ හෝමෝන වැඩි වීම හා ස්ත්‍රී හෝමෝන වැඩි වීම මත ලිංගිකතාවය තීරණය වේ. ඔබ ජෛව විද්‍යා පාඩමේ උගත් පරිදි X හා Y ගේ එකතුව අනුව පුද්ගලයෙකුගේ ලිංගිකත්වය තීරණය වේ. ඒ අයුරින්ම හෝමෝනයන් ලිංගිකතාව තිරණය වීමට යම් බලපෑමක් කරයි.

සමලිංගිකත්වය කෙරෙහි ඇති ප්‍රධාන විරෝධී මත කිහිපයක් සඳහන් කරන්නම්
1. ඔවුන් ලිංගික රෝග පතුරවයි
2. කුඩා දරුවන්ගෙන් ලිංගික සතුට ලබයි
3. විකෘති ලිංගික ආශාවන්

අද ශ්‍රී ලංකාවේ ද සමලිංගිකයන් ප්‍රසිද්ධීයේ ගැවසෙනු දැකීමට හැකියි. නමුත් ඒඩ්ස් වැනි ලිංගික රෝග සමාජයේ ව්‍යාප්ත වුයේ ඔවුන් නිසාම යැයි ඔබ සිතනවා නම් ඔබ වැරදිය. ගණිකා මධ්‍යස්ථාන සම්බාහන මධ්‍යස්ථාන ලිංගික ව්‍යාපාර මෙන්ම අනියම් සම්බන්ධතා තුලින් මේ රෝග ව්‍යාප්ත වීමට සමලිංගියකන්ට වඩා වැඩි බලපෑමක් දක්වා තිබෙනවා.

දෙවන කරුණ දිහා බැලුවොත් ඔබත් මාත් දන්නවා පහුගිය දිනක අවුරුදු 5ක බිලිඳිය දුෂණය කර මරා දැමීමේ සිද්ධිය. ඔහු සමලිංගිකයෙක් ද? සහෝදරයා සිය නැඟණිය ලිංගික අපයෝජනය කරනවා ඔහුත් සමලිංගිකයෙක් ද? වසර කිහිපයකට පෙර ගෘහසේවිකාවක් විසින් ඇගේ භාරයේ තිබු දරුවාගේ ලිංගේඳ්‍රය සපා තුවාල කරනවා.. ඇය සමලිංගක ද?  සමලිංගිකයින් 100%ක් ම නොවුනත් බහුල වශයෙන් ලමා අපචාර සඳහා සම්බන්ධ වන්නේ ද්විලිංගික හෝ  විරුද්ධ ලිංගිකයින්ය.


තුන් වන කරුණ ඕනෑම ලිංගිකතාවයක් ඇති අයට පැවතිය හැකිය. ඒ ගැන එබැවින් කථා කිරීම අනවශ්‍යයි. මෙය බහුල වශයෙන් ස්ත්‍රී දුෂණයන් සම්බන්ධ සිදුවීම් නිරීක්ෂණයෙන් පැහැදිලි කරගත හැකිය.


                                       
youtube.com වෙතින් නිශ්පාදනය වුන #PROUDTOPLAY වීඩියෝව.. මෙහි සිටින්නෙ සමරිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන්.. ඔවුන් ගේ ලිංගිකතාවය ක්‍රීඩාවට බාධකයක් නොවන බව දැක්වීමයි මෙහි අරමුණ

අවසානයේ මා පවසන්නේ ලිංගිකතාවය පුද්ගලයාගේ කැමැත්තක් වන අතර ඉන් ඔහුගේ එදිනෙදා කටයුතු වලට බලපෑමක් සිදු නොවන බවයි. ඔවුන් සමාජය තුල සාමාන්‍ය මිතුරුන් / ගුරුවරුන් / රියදුරන් / ආගමික පූජකයන් / වෛද්‍යවරුන් / නීතිවේදීන් / බ්ලෝග් රචකයින් ආදි විවිධ චරිත ඔස්සේ අපට හමුවෙනවා.  පුද්ගලයෙකුගේ ලිංගිකතාව ඔහුව කොන් කිරීම ගැරැහීම සඳහා හේතුවක් නොවන බව පැහැදිලි කිරීමටයි මේ ලිපි පෙල...

ඒ වගේම මේ දින වල පාසල් පිරිමි ළමුන් තුල සමලිංගිකත්වය බහුල වශයෙන් පැතිර තිබෙනවා දැකමට ඇති ලක්ෂණයකි. වයස අවුරුදු 17 - 19 වසයේ දරුවන් බොහෝමයක් මුදල් අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩිහිටි ගැහැණු හෝ පිරිමින්ගේ ගොදුරු බවට පත් ව තිබීම ඛේදවාචයකී. මෙය බහුල වශයෙන් කොළඹ ප්‍රදේශයේ පැතිර තිබේ.

(මීළඟ ලිපිය ඒ ගැනයි)


සබැඳියන්
සමලිංගිකයෝ - http://www.vikalpa.org/?p=17589 -  පබා දේශප්‍රිය


Thanks : SAKHI COLLABORATION

*** - පැහැදිලි කිරීම් හී දෝශ තිබු බැවින් ඒවා නිවැරදි කරන ලදී

Comments

  1. godak hoda lipiyak machan best of luck ewagema meka gena thawa tikak denena vidihe pehedili kirimak una nam godak hodai. thanks

    ReplyDelete
  2. සමබරව ලියවිච්ච ලිපියක්. අන්තගාමීව බලන තුරු හෝ තමන්ටත් එවැනි හැගීමක් ඇති උපතක් ලැබෙන තුරු හෝ මේ සමබන්දව තිබෙන සමහරුන්ගේ මතවාද වෙනස් කරන්න බැහැ. මමත් සමලිංගිකයෙක්. ඒත් මම ඒ බව සමාජයේ පුසිද්ධියේ පවසන නෛක්. ඒ නිසාම මට තිබෙන අත්දැකීම් අනුව මා කිසිදාක සමාජ ගැරහීමකට නම් මේ නිසා බදුන් වෙලා නැහැ. ඒත් මගේ අම්ම විතරක් අකමැතියි. ඒත් කරන්න දෙයක් නැහැ. නෑදෑ සහ වෙනත් කිසිවෙකුත් මේ සම්බන්ධව විරොධතා ප්‍රකාශ කර නැහැ. මට මේ රට තුළම පෙම්වතෙක් සිටිනවා. කොටින්ම මංගල සාදවලට පවා අපි ඇරයුම් ලබන්නෙ එකම අැරමු පතකින්. ඒ වගේම කිසිම නෑදෑයෙක් තමන්ගෙ තරැණ පුතා සමග එක ඇදේ නිදාගැනීම සමබන්ධවත් අකමැත්තපෙන්වා නැහැ. ඒක තමන්ගෙ සැබෑ හැසිරීම තුළින් සමාජයට ඒත්තු ගැනිවිය යුතු දෙයක්. මගේ හොද මිතුරෙක් සිටිනවා. ඔහු සමලිංගිකයෙක්. ඔහු කොළම නවාතැනගෙන ඉන්නෙ තනියම. ඔහු තමන්ගෙ ගම් පලත්වල ඉන්න මිතුරන්ට සහ ඥාකි දරැවන්ට රුකියාවල් සොයා දෙන්න කොළමට ගෙන්වා ගන්නවා. සමහර අය වයසින් අඩු නව යෙෘවනයින්. ඇතුම් අය සමලිංගික ලක්ෂන ඇති අය. ඒත් කවදවත් අර මිතුරා ඔවුන් සමග ලිංගික සඹදතා පවත්වා නැහැ. ප්‍රතිපත්ති ගරැක වීම මත මිසක් උද්ගෝෂන හො නෛතික රීති මතින්ම සමාජ මතවාද වෙනස්කල නොහැකියි. මේ ලිපිය ලිව්වට 1000ටොක්ස්ට ස්තුතියි

    ReplyDelete
  3. ඔව් ලිංගිකත්වය පුද්ගලයාගේ කැමත්තක් ලෙස මාත් දකිනවා. සමහරු විරුද්ධ වුනත් ඕනැම කෙනෙකුට විෂම ලිංගික සම්බන්ධතා මෙන්ම සමලිංගික සම්බන්ධතාත් පවත්වන්න පුලුවන්, මොකද එක් එක් පුදගලයගේ ලිංගික අශාවන් වෙනස් නිසා. මෙය මනෝ වෛද්‍යවිද්‍යාවේදී sexual identification disoder වැනි තත්ත්වයක් නිසා වෙන්නට පුලුවන්

    ඒ කොහොම උනත් අද වන විට ප්‍රශ්නය වෙලා තියෙන්නේ ලිංගිකත්වය එහි සීම ඉක්මවා යාමයි. උදාහරණයක් ලෙස ඔබට දරුවෙකුගෙන් ලිංගික අශ්වාදයක් ලබා ගැනීමට සිතේනම් ඔබ වහාම ක්‍රියාත්මක වන පරිදි තමා පිලිබඳ නැවත සිත බැලිය යුතුයි.

    ReplyDelete

Post a Comment

Popular Posts