මැයි දිනේ



යයි යයි කොඩිය උස්සා

රැව් දෙයි උගුරු දණ්ඩා

උන් ඉඳියි උඩ නැගලා

තොපි ඉතිං අව් තැපලා

කියයි රසට ගොතලා

බොරු ගොඩක් ගොතලා

ගසයි අත් තලලා

බෝතල් දෙක තුනක් හිස් කරලා

ඉවරයි ඉතින් පලයල්ලා

හෙටට මැයි 2යි දැන් වැඩකරහල්ලා

Comments

Post a Comment

Popular Posts