බිබිසි සංදේශය නිමා විය

සන්දේශයට සුභ ගමන්


අවසන් සන්දේශය විකාශය බිබිසි මැදරියේ සිට ගෙන ආ අයුරු

වසර 22ක කාලයක් බීබීසී සිංහල සේවය ගෙන ආ සංදේශය ප්‍රවෘත්ති විකාශය ඊයේ (30/04/2017) සිට විකාශය අවසන් වූවා. එය ට හේතු වූවේ සිංහල සේවයේ කෙටි තරංග විකාශය නිමාකිරීමයි.

සන්දේශය ඉතා දිගු ඉතිහාසයක් හිමි වැඩසටහනක්. BBC Sinhala සේවය ඇරඹි දා පටන් කෙටි තරංග ඔස්සේ බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට විකාශය කරන ලද සංදේශය. පසුකාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලියත් ඇතුලු විවිධ ශ්‍රී ලාංකිය ගුවන් විදුලි නාලිකා කලින් කලට රාත්‍රී 10 සිට FM තරංග ඔස්සේ විකාශය කරනු ලැබුවා.

එසේම ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි සන්නිවේදකයන් බොහෝමයකගේ පහස ලද සන්දේශය තවත් බොහෝ සන්නිවේදකයන්ට නිජබිමක් බවද දැක්විය යුතුය.

1942 මාර්තු 27 දා බිබිසි සිංහල සේවය  ඇරඹි අතර බ්‍රිතාන්‍යයේ සිට කෙටි තරංග මාලා ඔස්සේ ලොවටම සිංහල සේවය ශ්‍රවණය කිරීමට හැකි විය. සංදේශය වැඩසටහන් මාලාව ද එසේම ඇරඹි අතර ඊට එච් එම් ගුණවර්ධනයන් වැනි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණයන් ද සම්බන්ධ විය.

දශක තුනක කාලයක් පුරා සංදේශය ශ්‍රවණය කරන්න රාත්‍රි 9.45ට  ගුවන් විදුලිය වටා ශ්‍රී ලාංකිකයන් එකතු වන්නට විය. ලොව වටා පුවත් රැගත් සංදේශය ප්‍රවෘත්ති සඟරාව ප්‍රවෘත්ති කාලීන තොරතුරු ද, රැගෙන එන ලදී. පසුව 1976 වසරේ දී කාලයක් විකාශ වු සංදේශය නිමාකරන ලදී. පසුව යලිත් 1992 වසරේ සිට නැවතත් සිංහල බස අසන්නට විකාශය ඇරඹි සංදේශය පසුව දේශීය FM නාලිකා හා සම්බන්ධ වී විනාඩි 5ක ප්‍රවෘත්ති විකාශයන් ද ගෙන එන ලදී.

#සන්දේශයේ නිමාව සංවේදයට කරුණක් වුවද? ලෝක පුවත් ඇතුලු මෙම ප්‍රවෘත්තිමය සඟරාව මින් ඉදිරියට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිය ඔස්සේ රැගෙන එන බවයි පැවසෙන්නේ.

මේ ඒ අවසන්ව සන්දේශයේ විකාශය බිබිසි මැදරියේ සිට ගෙන ආ අයුරු
උපාලි ගජනායක තිසර රතුවිතාන  සරෝජ් පතිරණ  පවිත්‍රා පෙරේරා, සුනෙත් පෙරේරා  ඇතුලු සන්දේශය කණ්ඩායමට අපෙග් ස්තූතිය.

සන්දේශයේ නැවුම් මුහුණුවර වෙනුවෙන් බලා සිටින්නේමු.

උපුටා ගැනීම (www.facebook.com/buzzradiolk)

Comments

Popular Posts