මුදල් විශුද්ධිකරණය

http://buzznigeria.com


කලු මුදල් සුදු මුදල් කිරීම නැතිනම් මුදල් විශුද්ධිකරණය මගින් ඕනෑම ආර්ථිකයක සැගවුණ මුදල් නැවත භාවිතයට ගැනීම මෙන්ම ආර්ථික වෘද්ධිය / මුදලේ අගය ඉහල නැංවීම සඳහා ද ඉතාම වැදගත් සාධකයක් බව සියලු ආර්ථීක විද්‍යඥයන් ගේ පිලිගැනීමයි.

ඇත්තටම මොකක් ද මේ මූල්‍ය විශුද්ධීකරණය. මේක ගැන දැනගන්න කලින් කලුමුදල් කියන්නේ මොකක් ද කියලා  දැනගැනීම ඉතා වැදගත්.

කලු මුදල්

ඉතාම සරල පැහැදිලි කිරීම  නම් උපයාගත් ආකාරය නිසි පරිදි හෙලිකල නොහැකි මුදල් කලු මුදල් කුලකයට අයත් වන බවයි.  මේ මුදල් උපයාගත් ආකාරය හෙලි කල නොහැකි එනම් මීනිමැරුම්, මත්කුඩු ජාවාරම, ආදී ක්‍රියාවන් වේ.

 රටේ මූල්‍ය සැපයුමට එක්කල නොකර සගවා ඇති මේ මුදල් නිසා රජයකට අහිමි වන ආදායම් බදු ආදායම මෙන්ම මූල්‍ය සැපයුමේ හිඟකම නිසා නව මුදල් මුද්‍රණය මෙන්ම අලුතින් ණය ගැනීම් හේතුකරගෙන ආර්ථික කඩා වැටීම් ආදියට මුහුණ දීමට සිදුවේ.
මෙම තත්වයෙන් මිදීමට රජයන් විසින් සැගවූ මුදල් නැවත මූල්‍ය සැපයුමට එක්කිරීමේ ක්‍රියාවලිය මූල්‍ය විශුද්ධීකරණය ලෙස දැක්විය හැකිය.


කලු මුදල් ඉවත් කිරීමට රාජ්‍යය විසින් ගන්නා උපාය මාර්ග නම්

1. වැටලීම්
2. කලින් නොදන්වා එක්වරම ඉහල අගයේ මුදල් අවලංගු කිරීම.
3. බැංකු වල ඉතුරුම් නිරන්තර නිරීක්ෂණය
4. මහ බැංකුව විසින් මුල්‍ය ගණුදෙනු නිරීක්ෂණය
5. ආදායම් බදු / ඉපැයුම් මත අය කරන බදු

මුදල් විශුද්ධිකරණයේ ප්‍රතිලාභ පවතින්නේ රජයට හෝ ආර්ථිකයට පමණක්ම නොවේ. රටේ මුදල් සැපයුමට එක්වන මුදල්  හේතුවෙන් ආර්ථීකයේ මුදල් බෙදී යාමේ විශමතාවය අවම කිරීමෙන් ආර්ථීකයේ සිටින සියලුම දෙනා අත ගැවසෙන මුදල්  ඉහලයාමත් ය.

ඉන් භාණ්ඩ කෙරෙහි ඉල්ලුම වැඩි වීමත් සමග ගුණාත්මක භාණ්ඩ වෙළෙඳපොලට පැමිණීමත් ඉහල ඉල්ලම නිසා භාණ්ඩ මිල පහල බැසීමත් නිසා මුදලේ අගය ඉහල යනු ලැබේ.
සලකා බලන අවස්ථාවක නිශ්චිත භාණ්ඩ පැසකින්  ස්ථාවර මිලකින් (උදාහරණ රු 100/-) මිලට ගත හැකි භාණ්ඩ සංඛ්‍යාවේ ප්‍රමාණය මත මුදලේ අගය රැදී තිබේ.

කළු මුදල් ලෙස සැගවූ මුදල් නැවත මුදල් ප්‍රවාහයට එක් කරගැනීමට රජය / මහා බැංකුව විසින් විවිධ වූ ආර්ථික උපාය මාර්ග යොදාගනී
ඉහත දැක්වූ  ලෙසින්ම ප්‍රධානම දේ එක් සීමිත කාල සීමාවක් තුල එම මුදල් තැන්පත් කිරීමට බදු හා දඩුවම් නිදහස් කාලයක් ලබා දීම. මේ මගින් සැගවූ මුදල් නැවත බැංකු තුලට පැමිණීමෙන් ඔවුන් සතු සංචිත ඉහලයාමත් රටේ මුදල් සැපයුමට නැවත මුදල් එක් වීමත් සිදු වේ.
එසේම තැන්පතු සීමා පැණවීම. උදාහරණ  ලෙස වරකට තැන්පතු උපරිමය 100,000 ලෙස සීමා කිරීමත් එය ඉනික්බිති ප්‍රමාණ සදහා බදු අය කිරීමත් දැක්විය හැක.

ආර්ථිකයක කලු මුදල් මෙන්ම නිවසේ හෝ යම් යම් ස්ථාන වල අප විසින් ඉතුරුම් ලෙස ව්‍යවහාර මුදල් තැන්පත් කර තැබීමෙන්ද රටේ මුදල් සැපයුම අඩාල වන බව ඔබ දන්නවා ද? වසර ගණනන්  විවෘත නොකරන පිං කැට , කැට , වෙනත් ස්ථාන වල ඇති  මුදල් නිසා මහා බැංකුවට අති විශාල පාඩුවක් අත් වන නිසා වෙන් හැකි තාක් එම මුදල් බැංකු වල ඉතුරුම් ගිණුම් වල තැන්පත් කරන මෙන් ඉල්ලීමක් ද කරනවා.

Comments

Popular Posts