රාවණා - රාමායණය හා ලංකාව

Raavan

මගේ Tumblr ගිණුම බලන කෙනෙක් නම් මගේ ඉන්දීය දින පොත ගැන හොදටම දන්නවා කියලා හිතනවා..  කියන කම් ඒම එකක් මට තියෙනවා කියලා දන්නේ නැනේ නේද?
හරි දැන් දන්නවා නේ.. ඒනම් ගිහින් ඒකත් බලලා එන්න.

 කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන නිසාත් මේවගේ ලිපි මීට කලින් ලිව්වේ අඩුවෙනුත් නිසා අඩුපාඩු තිබ්බොත් සමා අවසර.

දැන් ඉන්දියාවට ගිය පු දවසේම ඉදලාම හින්දි භාෂාව වැඩිය ගැටළුවක් වුණේ නැත්තේ පොඩි කාලේ ඉදලාම ටීවි එකේ ගියපු හින්දි චිත්‍රපටි එකක් නෑර බලපු නිසාත් මගේ අනික් බ්ලොග් එක නිසාත් තමා.

ඔම යනකොට මේ රටේ මිනිස්සු එක්ක හැප්පෙන්න කතා කරන්න අවස්තාව ලැබුණාම අපේ නුහුරු හින්දි හුරුවයි පෙනුමයි එක්ක අපේ ජීවන රටාවයි එක්ක මේ අය අහනවා අපි කොහේද කියලා.. මුල් දවස්වල දකුණෙන් ආවා කේරළයෙන් ආවා කියලා  බේරි බේරි හිටියත් දවසක ඇත්තටම කේරලා මනුස්සයෙක්ට ඒම කියලා නාගත්ත නිසා පහු වෙද්දි ලංකාවෙන් කියලා කියන්න පුරුදු වුණා.

ඉතිං අපෙන් අහන පලවෙනි ප්‍රශ්නේ ඔයාලා ගේ දෙමළ ද , රාජපක්ෂ ද ක්‍රිකට් ද මුකුත් නෙවෙයි රාවණා ගේ රටෙන් නේද කියලා.

ඊළඟට "සර් රාවණාට වඳිනවා ද? එයා එහේ දෙවි කෙනෙක් නේ ද ?"

"නෑ"

"ඒම නෑ සර් මේ අපේ ටීවි එකේ නිවුස් දාන්නේ.."

"ආ ඇත්ත ද?"

"සර් එතකොට රාවණාගේ රත්තරන් මාලිගාව නැද්ද"

"ඒම එකක් නැ ජී.. වාල්මිකි මලක් ගහලා ද කොයි ද ඔය කතාව ලියලා තියෙන්නේ.. අපි ලංකාවේ හිටපු රජ කෙනෙක් විතරය එයා හිටියා කියලා සාක්ෂියක් වත් නැ ජී.."

"වෙන්න බෑ සර් මේ ලගදී දුර්දර්ශන් එකෙත් පෙන්නුවා ඒක හොයාගෙන කියලා?"

මටත් පුදුමයි අපේ රටේ කොයි ද රත්තරන් මාලිගාවක්

"මේකනේ සර් වාල්මිකි මේ උතුරු ඉන්දියාවේ බිහාර් වල ද කොයිද කෙනෙක් ඉතින් කොයි ද මූදක් දැකලා නැතිව මේ කතාව ලියන්නේ දකුණේ ලංකාව කියලා රටක් තියෙනවා කියලා නොදැන ලියන්නේ.."

තර්කයක් තියෙනවා..

"ඇත්තටම රාවණා ඉන්න ඇති සර් දැන් අපේ අයෝධ්‍යාවේ රාම මාලිගය තියෙනවා නේ.. ඒනම් ඕකත් තියෙන්න ඇති නේ"

"අනේ මන්දා ජී මම යන්නම්.. බහින තැනට ආවා.."

ඇත්තටම මේක නම් හැමදාම හැමතැනම මූණ දෙන අත්දැකීමක්.. කොයි මිනිහ හම්බුණත් මේ රාමායණය ගැන ප්‍රශ්න කරනවා..

මමත්  මේක වාල්මිකි ගේ හිතලුවක් කියලා හිතපු වාර අනන්තයි. අදටත් ජීවිතේට මුහුදක් නොදැකපු මිනිස්සු ඉන්න මේ රටේ  හිටපු වාල්මිකි සෘෂිවරයා කෝමද මේම සවිස්තරාත්මක කතාවක් ගොතන්නේ...

අදටත් පවතින  හනුමා පාලම/ ආදම් ගේ පාලම කියන දේ අහසින් දැකලා මිසක් හෝ
 තියෙනවා කියලා දකින්නැතිව කෝම ද ලියන්නේ..

මට නම් රාමායණය කියන්නේ මේ වගේ තර්ක නිසා හරිම අත්භූතයි...

කෙසේ වෙතත් මේ රාමායණය එක්ක රාම රාවණ කතා වස්තුව අපි මිනිස්සු අතර හිතවත් කරනවා  වගේම අපේ රට ගැන තියෙන විශ්වාසයත් මේ උතුරු ඉන්දියානුවන් අතර දැඩි කරලා තියෙනවා..

ආයේ හමුවෙන්නම්...



Comments

  1. අකුරු ලා පැහැ වැඩියි මට නම්, එනිසා කියවන්න අමාරුයි!

    ReplyDelete
    Replies
    1. කලු පැහැයට මාරු කර ඇත.

      Delete

Post a Comment

Popular Posts