කඳුරාජිණිය - මසූරි වෙත - Massurie Queen of Hills - India

නව දිල්ලියේ තියෙන අධික රස්නයත් එක්ක අපිට හිතුනා පොඩි වෙනසකටත් එක්ක ටිකක් ඈත පලාතකට ඇවිදින්න යන්න හිතුනා. අපේ කාර්‍යාලයේ ඉන්න යාළුවෝ දෙන්නා තමා ගජරාමෙට මේ වැඩේ ප්ලෑන් කරේ.
Image result for nainital
Nainital 

මුලින් සුන්දර පලාතක් වුණ නයිනතාල් වලට යන්න හිතුවත් ඒ දවස්වල නාය යාම් නිසා ඒ පැත්තට යන එක අවධානම්.. අවසානයේ අපේ ගමන තීරණය වුනා දිල්ලියේ ඉඳලා කිලෝමීටර් 500ක් දුරින් පිහිටි මසූරි නගරය.

Image result for mussouri
Massurie


Map of Mussoorie Indiaගමනට අපි 7ක්ම හිටපු නිසා වාහන දෙකක තමයි යන්න සුදානම් වුණේ. කෙමෙන් කෙමෙන් නගරාසන්නයෙන් ඉදලා ඇතට යනකොට පරිසරය වෙනස් වෙන ආකාරය දැනෙන්න ගත්තා.. දූවිලි පිරිණු නගරයෙන් ඈතට යන කොට තෙරක් නොපෙනෙන අබ යායවල් මට දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ චිත්‍රපටය තමා මතක් කරේ. 
එක දිගට වංගුවක්වත් නැති අධිවේගී මාර්ගයක් ඔස්සේ  ගමනේ මූල්ම නවාතැන වුණ "ආදරයේ නගරයේ- City of Love"  දෙහෙරාදුන් නගරය ට අපි ළගා වුණා. ඒ වෙනකොට සුලු වර්ශාවක් තිබුණ ද නගරය කාර්‍යබහුලයි.  සුළු බෞද්ධ නැඹූරුවක් තිබුණ මේ නගරයේ මද විවේකයක් ගන්න අපි සුන්දර ඇලක් අසල දිවා ආහාර ගත්තෙමු.

දෙහෙරාදූන් වලින් පිටත් වුණ අපි කඳුකර මාර්ගයක් ඔස්සේ ඉතිරි දුර ගමන් කරන්නයි ලැස්තිය. ඉතිරි කිලෝමීටර 200ක්ට පමණ ආසන්න දුරක් කඳුකර මාර්ගයේ ගමන් කර සුන්දර කඳුරාජිණියගේ සිසිල විඳගන්න අපිට වුවමනා වුනා. 
කෙමෙන් කෙමෙන් ඉහල යන අපිට පහලින් පෙනන දෙහෙරාදුන් නගරය ඉතාම සුන්දර දසුනක් මෙන්ම ඉහලින් පෙනුන මසූරි නගරයත් අපූරු අත්දැකීමක් වුනා. 

ඕම මසූරියට ලගා වුණ අපිට සිසිලස දැනෙන වුණේ ග්‍රීෂ්ම සමයක දීත් අංශක 12ක පමණ සිසිලකින් ඇය අපිට සෙනෙහස පිදු නිසා. 

චිත්‍රපට පසුබිම් තලයක් බදු මසූරි නගරය ඉතාම සීමිත ඉඩක් සහිත සංචාරක ආකර්ශණය බහුල  නගරයක්  වගේම මධූසමය ගත කරන්න එන්නනගේ ගමනාන්තයක්.
අපගේ නවාතැන වෙත පැමිණී අපට රාත්‍රියේ පහන් දැල්වූ ඉහල මසූරියත් පහලින් ඈතට දිවෙන මාර්ගත් මීදුම සහිත දෙහෙරාදූන් නගරයත් දක්නට ලැබිණි.

මසූරි හි මෝල්මාර්ග හි රාත්‍රියේ එහේ මෙහේ යමින් තරුණ ලදුන් දෙස බලමින් සීතල විදගත් අපේ කුසගිණි නිව්වේ උණුසුම් බිත්තර සමග ලැබුණු කටගැස්මයි.
රාත්‍රීයේ සීතලේ ගැහෙමින් මසූරි නගරය පුරා කරක් ගැසූ අපි උදෑසන පාතරසය ගෙන පිටත් වුණේ කෙම්ප්ටි ඇල්ල වෙතයි. 


Image result for kempty falls
ඉහලින් ඇද හැලෙන දිය දහර එක්වරම පහලට ගලා යාමට නොදී තටාකයකට පිරී ඉන් ඉතිරී යන ලෙස සකසා ඇති කෙම්ප්ටි ඇල්ල වෙත අප මසූරි නගරයෙන් කිලෝමීටර 4ක් පමණ ආවෙමු.  එදිනත් විශාල පිරිසක් නැරඹීමට ඇවිත් හිටපු නිසා අපිට වාහන ගාල් කරගැනීම අසීරු වුණා. කෙසේ හෝ වාහන නවතා අප ඇල්ල වෙත ඇවිද ගියෙමු. පහලට යාමට කේබල් කාර් ද තිබුණ අතර වෙලෙඳසැල් බහුල මාර්ගයක් ඔස්සේ පහලට බැස්සෙමු. කාශ්මිර ඇඳුමින් සැරසුණ මිනිසුන් ඇදුම් කැම බීම ආදිය සමග වෙලෙදාම් කරන අතර රු10ක් වැනි මිලකට ඇදුම් මාරු කරගෙන නාන ඇදුම් ලබා දෙන තැන් ද බොහෝයි.

Image result for kempty falls

පහලට බැස්ස අප අයිස් මිදෙන සීතල වතුර පිරි තටාකයේ බැස නැවෙමු. ඉහලින් වැටෙන වතුර ඇගට වැටෙන පහලම ස්ථානයට ද ගියෙමු. ඉණ තෙක් ජලය ගැඹුරැති තටාකයේ කුඩා දරුවන් පවා පිහිනනු ජල ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

ඉන්පසු පැය කිහිපයක ගමනින් අපේ අවසාන නැරඹුම වුයේ. දෙහෙරාදුන් ආසන්නයේ පිහිටි  රොබර්ස් කේව් ස්ථානයයි.

Robers Cave


රොබර්ස් කේව් යනු ගල් කෙමියක් තුලින් ගලා බසින ඇල මාර්ගයක් ඔස්සේ පිවිසුමකි.. ඒ තුලින් මීටර් 500ක ගමනකින් පසු ඔබට සුන්දර එලිමහනකට පැමිණීමටත් මිනිස් වාසයෙන් තොර පෙදෙසක මිහිරියාව විඳිමටත් අවස්ථාව ලැබේ.


Comments

Popular Posts