
ජීවිතේ හැමදාම
එකම තැන පල්වෙන්නේ නැ කියලා
කවුද මන්දා කියලා ඇත්තේ
මගේ ජීවිතේ
හැමදාම
එකම තැන
කවුරු ආවත් කවුරු ගියත්
මම එතැන
හරියට
ගඟක් ලස්සනට පෙණ පිඬු නංවා ඉදිරියටම ගලනමුත්
ඒ ලස්සන මතු කරන්න
උපකාරී වන ගල් එක තැනය
මා ද අනිත් අයගේ ජීවිත ලස්සන කල
එක තැන් වු පාශාණයකී.
Comments
Post a Comment