එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද්‍රවිඩ ඊලාම් කොටි සංවිධානය ත්‍රස්තවාදීන් බව පවසන්න - TamilTigerTruth.com

TamilTigerTruth


2014 මාර්තු මස එක්සත් ජාතීන්ගේ සංවිධානය 2002 වර්ෂය සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයවී ඇත්දැයි සවිස්තරව සොයාබැලීමට පුළුල් පරීක්ෂණ ආරම්භකර ඇත

  •   ඔබ, ඔබේ පවුලේ අයෙකු හෝ ඔබ දන්නා හඳුනන අයෙකු හෝ LTTE ත්රස්තවාදීන්ගේ කුරිරු ප්රහාරයන්ට ගොදුරුවී ඇත්නම්   බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන්න.
  • ඔබ, ඔබේ පවුලේ අයෙකු හෝ ඔබ දන්නා අයෙකු හෝ  LTTE ප්රචණ්ඩත්වය සියැසින් දැක ඇත්නම්   බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන්න.
  • ඔබ, ඔබේ පවුලේ අයෙකු හෝ ඔබ දන්නා අයෙකු හෝ LTTE ත්රස්තවාදය හේතුවෙන් බලහත්කාරයෙන් උන්හිටිතැන් අහිමිකර සරණාගතයන් බවට පත්කර සිටියේ නම්   බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන්න.


2002 වර්ෂය සිට 2011 වර්ෂය දක්වා ශ්රී ලංකාවේ සිදුවූ ඛෙදුම්වාදී යුද්ධයෙන් පීඩාවිඳ තම මානව හිමිකම් අහිමිවූයේයැයි හැඟෙන පුද්ගලයින්ට ඔවුන්ට සිදුවූ අසාධාරණයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ තැබීමට අවස්ථාව පැමිණ ඇත.

LTTE ත්රස්තවාදය හේතුවෙන් සිදුවූ...
·         
      මිනීමැරුම්, මායිම් ගම් පිටින් සිදුවූ සමූලඝාතන ,අමාණුෂික සිදුවීම්, අධිකරණයෙන් බැහැරව පුද්ගලයින්ට පැමිණවූ දඬුවම්, සොරකම් සහ දේපොල මංකොල්ලකෑම් ,බාලවයස්කාර දරුවන් හමුදා සේවයේ යෙදවීම්,  බලහත්කාර බදුගැනීම්, පැහැරගැනීම්, අසාධාරණලෙස බන්ධනාගාර ගතකිරීම්, වහල්සේවය, 
      වද හිංසා පැමිණවීම්,  දූෂණ , දේශපාලනිකව/ ජාතිවාදීව හෝ ආගම්වාදීව හිංසා කිරීම්

2002 වර්ෂය සිට 2011 වර්ෂය දක්වා සිදුවූ ඉහතකී ආකාරයේ හෝ එවකට පැවතුන තත්වය යටතේ වෙනත් ආකාරයකින් මානව හිමිකම් අහිමිවූවන්ට තමාට සිදුවූ අසාධාරණටන්ට එරෙහිව ප්රකාශයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවෙ තැබීමට අවස්ථාව පැමිණ ඇත.

  
සැමට සාධාරණය ඉටුවිය යුතුය.

ඔබගේ ප්රකාශයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමුකිරීටමට පහත ඇති පෝරමය පුරවන්න.

ප්රමාදනොවන්න. ඔබගේ ප්රකාශයන් 2014 ඔක්තෝම්බර් 31 දිනට පෙර යොමුකරන්න.

සටහන් සහ ප්රකාශයන් එවිය යුතු අයුරු

·         ප්රකාශනයන් ​ 2014 ඔක්තෝම්බර් 31 දිනට පෙර යොමුකල යුතුය

·         ඉදිරිපත්කරන්නාගේ නම ලිපිනය ඇතුලූ සියළු තොරතුරු සැපයිය යුතුය. (එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්ණාමික ප්රකාශණ ප්රතික්ෂේප කරයි.) සියළු තොරතුරුවල රහස්යභාවය සුරැකෙනු ඇත.

·         ප්රකාශයන් ඉංග්රිසිසිංහල හෝ ද්රවිඩ බසින් සැකසිය යුතුය.

·         ප්රකාශයන්  වචන 5000 නොවැඩි විය යුතඑක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩි විස්තර අවශ් වුවහොත් ඔවුන් ඔබ අමතනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරයි.
·         ප්රකාශයන් දේශපාලන අරමුණුවලින් තොර වියයුතුයි.
·         ප්රකාශයන් ඉදිරිපත්කිරීමේදී මානව හිමිකම් උල්ලංඝණයවීම් පිලිබඳව සවිස්තරව සාක්ෂි සහිතව ලිවිය යුතුය.
·         ප්රකාශයන් ඉදිරිපත්කිරීමේදී  භාෂාව අනිසිලෙස භාවිතා නොකල යුතු අතර කිසිවෙකුට පෞද්ගලිකව නින්දා අපහස නොකළ යුතුය.​



Comments

Popular Posts