#SLAmuMirisChallenge - අමු මිරිස් කන්න රු 100ක් දායක කරන්න. - ලංකාවේ අපේම මිනිසුන් වෙනුවෙන්

අපේම මිනිස්සු වෙනුවෙන්
#SLAmuMirisChallenge

පහුගිය වකවානුව පුරා ලංකාවේ මෙන්ම ලෝකයේ ජනප්‍රිය වුන සුභ සාධක වැඩසටහනක් තමයි චාලක නියුරෝන රෝගීන් වෙනුවේ ALS සංවිධානය විසින් දියත් කරපු #IceBucketChallenge වැඩසටහන කියන්නේ. 
අපි හැමෝම දන්නවා උතුරු හා උතුරු මැද පලාත් වල ස්වාභාවික ජලයේ තිබෙන කැල්සියම් ප්‍රමාණයේ ඉහල නිසා එම ප්‍රදේශවලින් වාර්තා වන දන්ත හා වකුගඩු රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහල යනවා. එසේම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර සහා ඖෂධ වෙනුවෙන් වැයකරන්න වෙන මුදල් ප්‍රමාණය ද අති විශාලයි. බහුතර ගොවි ජනතාවට එවැනි වියදමක් දරන්න තිබෙන නොහැකියාව ඔබ හොඳාකාරවම දන්නවා. 

ඔවුන්ට ශක්තියක් වෙන්න සයිබර් අවකාශයේ රසික නානායක්කාර ඇතුළු පිරිස දියත් කර තිබෙන #SLAmuMirisChallenge එක ගැනයි අපි කියන්න යන්නේ. 
සයිබර් අවකාශය ෆෙස්බුක් ටුවීටරය ගූගල්+ යු-ටියුබ් මේ සියල්ලේ සිටින සියළු මිතුරන්ගේ උදව්ව බලාපොරොත්තුවෙන් මේ අභියෝගය ක්‍රියාත්මක කරනවා. කරන්න තිබෙන්න අමු මිිරිස් කරල් 3ක් කෑම පමණයි. ඒසේ කන පුද්ගලයා තවත් පුද්ගලයින් 3නෙකුට අභියෝග කරන්න අවස්ථාව උදාකරගන්න අතරම #SLAmuMirisChallenge අරමුදලට රු100/-ක් බැරකල යුතු වෙනවා. පැය 24 ක් ඇතුලත අනිත් පුද්ගලයින් තිදෙනා අමු මිරිස් කෑ යුතු වන අතර නොහැකි වන්නන් #SLAmuMirisChallenge අරමුදලට රු1000/-ක් බැරකල යුතු වෙනවා

ඔවුන් මේ එක්රැස් කරන අරමුදල ලබා දෙන්නේ පොළොන්නරුව මූලික රෝහලට. ඒකට හේතුව වකුගඩු රෝගීන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරපු වෛද්‍ය ඒකක තියෙන්නේ පොළොන්නරුව මූලික රෝහලේ.
අරමුදලෙන් පොළොන්නරුව මූලික රොහලට වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් (රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්) ඔවුන්ට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෙන වියදම ආසන්න වශයෙන් රුපියල් මිලියන 03ක්. රුපියල් ලක්ෂ 30ක්. මේ රුපියල් ලක්ෂ 30 ඉලක්කයට #SLAmumirisChallengeව්‍යාපෘතිය තුළින් ඔවුන් ගමන් කරන්න බලා පොරොත්තු වෙනවා.

අභියෝගය ගැන අපිට විස්තර කරන එහි මුලාරම්භක සාමාජික රසික නානායක්කාර


  
රසික නානායක්කාර අභියෝගය ආරම්භ කරමින් 

BANK DETAILS හා තැන්පත් කිරීමේ උපදෙස්


SL AID නම යටතේ, සම්පත් බැංකුවේ කොළඹ සුපිරි ශාඛාවේ ගිණුම් අංක 117 561 000 881 ට, දැන් ඔබට මුදල් ආධාර බැර කළ හැකියි..
ආධාර ලබාදීමේදී අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම සහ අනිවාර්යයෙන්ම පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස සියලුම සහෘදයන්ගෙන් කාරුණිකව ඔවුන් ඉල්ලා සිටිනවා...

1. බැංකුව, ගිණුම් අංකය සහ ශාඛාව නිවැරදිදැයි දෙවරක් පරීක්ෂා කරන්න. ගිණුම් අංකය සහ SL AID යන නම ගැළපේදැයි නැවත බලන්න.

2. සියලු මුදල් බැරකිරීම් වලදී ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කරන්න. (reference).

3. සියලු මුදල් බැරකිරීම් වලින් අනතුරුව, මෙම කණ්ඩායමේ ඇඩ්මින් වරයකු හට පුද්ගලික මෙසේජයක් ලබාදී කළ මුදල සහ දිනය දැනුම්දෙන්න.

මේ සියලු උපදෙස් ඔබෙත් අපෙත් වටිනා කාලය, ධනය සහ ඒ සියල්ලට වඩා වටිනා විශ්වාසය සහ හොඳහිත ආරක්ෂා කරගැන්ම පිණිසම බව කරුණාවෙන් සිහිපත් කරන්න.
ස්තුතියි!

අපේ වැඩක් ලංකාවේ වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය වෙනුවෙන් කරන මේ වැඩේට බස් රේඩියෝ කණ්ඩායම සිය උපරිම සහයෝගය ලබාදෙන්න කටයුතු කරනවා.

තොරතුරු දැනගන්න කථා කරන්න පහත අංක වලට
රසික නානායක්කාර - 0718 252 735
අනුරාධ සේනානායක - 0772 303 727
චමීර දෙද්දූවගේ - 0772 341 585


වැඩි විස්තර සඳහා 
මිතුරු පිටුව - #SLAmuMirisChallenge
ෆෙස්බුක් සමූහය - SL Amu Miris Challenge Group

(උපුටාගැනුමකි)

Comments

Popular Posts