සයිබර් අවකාශය සිංහලෙන් සරසන බ්ලොග් කරුවන්ට කෙරෙන ආරාධනය - සයිබර් සිහින බක්මහ උළෙල

සයිබර් අවකාශය සිංහලෙන් සරසන බ්ලොග් කරුවන්ට කෙරෙන ආරාධනය - සයිබර් සිහින බක්මහ උළෙල 2014


පිංතුරය ගත්තේ මෙතැනින් www.kaniya.info
සයිබර් අවකාශය සිංහල යුනිකේත අකුරින් සරසන බ්ලොග් කරුවන්ගේ මෞලි මංගල්‍යය අත ළගටම ඇවිල්ලා. 

එළැඹෙන අප්‍රියල් 20 
වැනිදා පැලවත්ත බුද්ධදාස පිටියේ දි දවස පුරාම පවත්වන්නට බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය මේ වන විට ලහි ලහියේ සූදානම් වෙනවා. 


බ්ලොග් කරුවන් එක්ව සෑම වසරකම පවත්වන බක් මහ උළෙල තමා ඔවුන්ගෙ ප්‍රධාන ම උත්සවය. දෙස් විදෙස් මේ කොතැනත් ඉන්න 
බ්ලොග් කරුවන් සෑම දෙනාම පාහේ මෙදිනට ඇවිත් එකිනෙකා හදුනාගන බොහොම සුන්දර දිනයක් ගත කරනවා.


වසරක් පාසා අඛණ්ඩව පවත්වාගන ආ මෙම සිහින බක් මහ උළෙලට මෙවර නායකත්වය දෙන්නේ තරුණ බ්ලොග් කරුවන් පිරිසක්. 

ඔවුන්ට දැවැන්ත ශක්තියක් වෙමින්; මෙවන් උත්සව සංවිධානය කර පළපුරුද්ද ඇති පැරණි බ්ලොග් කරුවන් පිරිසක් අයෝමය පවුරක් සේ 
පසුපසින් සිටිනවා.

ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා හොඳ සංවිධානයකින් යුතුව මෙවර බක් මහ උළෙළ පවත්වන්නට හැකි පෙර නිමිති මේ වනවිට 
පෙනෙන්නට තිබෙනවා. එනම් මෙවර බක් මහ උළෙල සඳහා සාදර අනුග්‍රහය දක්වන්නට ඕෂනික් ගේම්ස් ආයතනය ඉදිරිපත්ව සිටීමයි.

එය සමස්ථ සිංහල බ්ලොග් කරුවන් ලද මහගු ජයග්‍රහණයකි. මතු බිහිවන බ්ලොග් කරුවන්ගේ සුබ අනාගතයක පෙර නිමිත්තකි.

එවන් අනුග්‍රාහකයෙකු වෙනුවෙන් අපට කළ හැකි ප්‍රති උපකාරය කුමක් ද?.... 

මිතුරු මිතුරියණි.... ඔබේ අගනා බ්ලොග් අඩවියේ මේ දින කීපය තුළ අපගේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ලෝගෝව හා අනුග්‍රාහක ලෝගෝව එල්ලා සහායක් දක්වන ලෙස බොහොම දයාබරව ඉල්ලා සිටිනවා..

පහත ලිංකු මගින් එය කළ හැකියි........

අපේ ලෝගෝව ලිංකුව

 <object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object> 

අනුග්‍රාහක ලෝගෝව ලිංකුව 

<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

ඉතින් අනිත් කරුණ තමයි එදිනට ඔබගේ සහභාගීත්වය... ඔබ තාමත් සහභාගීත්වය තහවුරු කොට නොමැතිනම් නොපමාව මේ ලිංකුවෙන් 
ගොස් ෆොරමය පුරවන්න
වඩාත්ම වැදගත් ඔබගේ ගෞරවනිය සහභාගිත්වය යි.

මේ උළෙල බ්ලොග් ලියන්නන්ට පමණක් නොවේ ලියන අපට මහගු ශක්තියක් වුණු බ්ලොග් කියවන්නන්ට ද සහභාගි විය හැකියි. 
කියවන්නන් තමා අපට සිටින ලොකුම ශක්තිය.

ඉතින් සංවිධායක මඩුල්ල වෙනුවෙන් මම සියලුම සිංහල බ්ලොග් ලියන හා කියවන සැමට ආරාධනා කරනවා එන්න අප හා එක්වන්න 

මතකනේ දිනය මේ 20 වැනි දින පැලවත්ත බුද්ධදාස ක්‍රීඩා පිටියට...

මේ ගැන ලියැවුණු අපේ නිල අඩවියට මෙතැනින්....
තවත් සවිස්තරාත්මක සටහනක් මෙතැනින්..

ඔබ කොහේ සිට අකුරු කළත් ඒ සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙනි... බැනරය එල්ලා අපට අයෝමය ශක්තියක් වන්න.. හැකිනම් මේ 

ගැන ඔබේ අඩවියෙන් දැනුම්වත් කරන්න....ඔබේ මුහුණු පොතේ ගිණුමේ බෙදාගන්න...

හමුවෙමු සොඳුරු දිනය අප්‍රියල් 20

උස්සන ලද්දේ නලීන් ගේ සමකයේ වටේ මෙතැනිනි : http://samakayawate.blogspot.com/2014/04/blog-post_8.html

Comments

Popular Posts