කෙල්ලෙක්ට ඇමතුවෙමි

ඊයේ උදේ පාන්දර වහින්න ගත්ත වැස්සේ සීතලේ තව තවත් ගුලි ගැහුණ මම නිදාගත්තේ කාර්යාල ගමන ගැනත් නොහිතා. ඒත් එලාම් එකේ සද්දෙට කිටි කිටියේ ගැහි ගැහි නැගිටලා ලැස්තිවෙද්දිත් වහින වැස්සේ නම් අඩුවක් වෙලා තිබුනේ නැ. මොනවා වුනත් වෙලාවට යන්න ඕන නිසා ගෙදරින් අතට අහුවුන ලොකු කුඩේ අරන් එලියට බැහැලා මම බස් නැවතුම් පල දිහාවට ඇවිද ගෙන ගියා. වැස්සේ වුනත් කුඩ ඉහල ගෙන සාරි ඇඳන් ලස්සන ගැණු ලමයි.. ඉස්කෝලේ පටන් ගන්න නිසා ඒ දරුවොත් මග දෙපස වැස්ස නොතකා හිටියත් පරක්කු වුන නිසා ඒ ලස්සන බලන්න බැරි වුනා.. අනික ඉහල ගත්ත ලොකු කුඩේට ඇස් මට්ටමින් යට පේන හින්දා ඒ අයගේ මුණු පෙනුනෙත් නැ. කොහොමින් හරි බස් නැවතුමට ආව මට කොටුවට යන්න නගින්න සිද්ධ වුනේ තරමක් සෙනඟ පිරුණ බස් රථයකට. අර ලොකු කුඩේ ගෙනාව මොඩකම නිසා තේරුනේ නැග්ගාට පස්සේ ඒක ආම්බාං කරන එකත් හෙන ගේමක්.. කොහොම හරි ඒකත් අකුලං බස් එකේ සීට් එකක පොල්ල අල්ලගත්තේ එක ඇගිල්ලකින් තෙමුණ කුඩේ ඇඟට හේත්තු කරගෙන ඒ අතින්ම අල්ලං අනිත් අතෙන් උඩ පොල්ල අල්ලගත්තා. අනිත් බස් නැවතුමෙන් තවත් පෙනුමැති කෙල්ලෙක් ගොඩවෙලා ඇවිත් මගේ ලඟින්ම හිටගෙන ඉන්න අතරේ අප දෙදෙනා අසල අසුන්ගත් මගියෙක් බැසගියෙන් මට අසුන් ගන්න අවස්ථාව ආවත් අර ගැණු ලමයාට වාඩිවෙන්න දුන්නා (දැන් කියහල්ලා මම පැණියා කියලා) ඉතින් ආයිමත් මම කුඩේත් අපහසුවෙන් අල්ලං යද්දි මේ ගැණු ළමයා මගේ දිහා බලනවා වගේ හිතුනා... මෙන්න මෙයා මට ඔරවනවා. මම එච්චර ගනන් ගත්තේ නැ.. එක දිගට ඔරවන නිසාම මම කල්පනා කරා ඇයි කියලා. මම කුඩෙත් අරන් සීට් එක අල්ලන් ඉන්න කොට මගේ අත එයාගේ ඇඟේ ගැවෙනවා. මේයා මට ඔරවනකොට ළග හිටපු ඇන්ටි කෙනෙකුත් මගේ දිහා මරුමුස් බැල්මක් දැම්මා. උදේ පාන්දර මේ මොන ටොපියක් ද මට.. දැන් බස් එක විදුලිබලාගාරේ ගාව. එක පාරටම කෙල්ල හයියෙන් චිහ් ගැවා මගේ දිහා බලාගෙන. මුළු බස් එකම මගේ දිහා බලනවා පට්ට චාටරේ...
“ නංගි ආසවට අල්ලනවා නෙවෙයි.. අත ඔයාගේ පිටේ ගැවෙනවා ඔයාට මෙතන ඉන්න බැරි නම් වෙනතැනකට යන්න. මට කරන්න දෙයක් නැ. “
උදේ පාන්දර මීට වඩා දරුණුවට ඒකිට අමතන්න හිතුනෙ නෑ..
 — feeling wonderful.
Like ·  · 

Comments

Popular Posts