මම සයිටම් විරෝධියෙක්මී

මම සයිටම් විරෝධියෙක්මී
-------------------------------




ඔව් මම පැවති සයිටම් එක ඇතුලත්ව පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන සියල්ලටම විරුද්ධ වූවෙමි. මන්ද යත් ඇතුලත් කරගන්නා පටිපාටිය ගැන කිසිදු පැහැදීමක් නොවූ හෙයින්. 


මුදල් දී ලියාපදිංචි වූ පමණින්ම උපාධීයක් ලබාගැනීමේ පාඨමාලාවක් හැදෑරීමේ සුදුසුකම් ලැබීම හේතුවෙන්. ඇතුලත් කරගැනීමේ ක්‍රමය විභාග යම් පිලිගත හැකි සුදුසුකම් මාලාවක් ප්‍රකාශ කිරීමත් හෝ එකී සුදුසුකම් නොමැති නම් යම් මූලික පාඨමාලා හැදැරීමෙන් අදාල උපාධිය සඳහා ඇතුලත් කරගැනීම වටනේ යන්න මාගේ අදහසයි.
දැන් සයිටම් පැත්තට හැරෙමු. ඇයි පැවති සයිටම් වෙත විරුද්ධ විය යුත්තේ.

> දැනට සමාජගතව පවතින අදහස මාගේ මුල්ම අදහස එනම් ඇතුලත් කරගැනීමේ ක්‍රමය ගැන ඇති ගැටළුවත් (ලක්ෂ 120ක් දුන් පමණින් වෛද්‍ය උපාධිය හැදැරීමට සුදුසු කම් ලැබීම)
> පවත්නා අධ්‍යනය ක්‍රමය හා පාඨමාලා අන්තර්ගතය ප්‍රමිතිවලට අනුකූල නොවීම

ඔව් ගැටළුවක්. දැන් ඔය දෙක හදාගත්තාම මේ විරෝධය නවතී ද? GMOA එක ඇතුලු විරුද්ධ පාර්ශව නගන ප්‍රධාන ගැටළු දෙකම විසඳුන සයිටම් එකක් වෙනුවන් මම සහය පලකරමි.

ඒ ගැන අදහස් විමසූ පෝස්ටුවට සයිටම් විරෝධි මා මිතුරු වෛද්‍යවරුන් කවුරුත් ප්‍රතිචාර නොදැක්වීම මට මහත් පුදුමයක් මෙන්ම
හරක් මෙන් ගොස් අමාත්‍යංශ වෙත කඩා පැනීමත් හෙලා දැකීමත්, සාමාන්‍ය මහජනයාට අවහර කරන උද්ඝෝෂණ නොව කොළඹ 7 බේබිලාට හවස walk එකට බල්ලා ගෙනියන්න බැරි වෙන්න උද්ඝෝෂණය කරපං කියපු එකටත් මට විරුද්ධ වුන ඔවුන්ගේ ප්‍රතිචාර මෙයට හෝ අපේක්ෂා කරමි

රුසියාව බංගලාදේශය ඉන්දියාව ඇතුලු වෙනත් රටවලට ගොස් ලක්ෂ 120කට වඩා පෞද්ගලිකව වියදම් කර වෛද්‍ය උපාධියක් කොටින්ම එවැනි පෞද්ගලික උපාධියකට අවස්ථාව ඔය කියන GMOA එකෙන්ම විභාගයක් හරහා අවස්ථාව ලබා දීලා තියෙනවා නම් ප්‍රමිති ගත ශ්‍රී ලාංකික පෞද්ගලික වෛද්‍ය උපාධිධාරියෙකුට ද එම විභාගයට මුහුණ දී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට ඉඩකඩ ලබා දිය යුතුයි. පෞද්ගලික අංශය විසින්ද එම පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේප නොකල යුතුයි.

නොඑසේනම් පෞද්ගලික / රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය එකම ප්‍රමිතියකින් නිසි අධ්‍යනය මණ්ඩලයක අධීක්ෂණය යටතේ හැදැරීමට අවකාශය රජය / විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සලසා දිය යුතුයි.

මන්දයන් විදේශ උපාධීධාරී වෛද්‍යවරු පවා රජයේ රෝහල් වල දේශීය උපාධිධාරී වෛද්‍යවරු සමග හරි හරියට ප්‍රතිකාර කරනා බැවිනි. කවදා හෝ රෝගියොකු ගොස් වෛද්‍යවරයාගේ උපාධි සහතිය කොයි එකක් දැයි නොවිමසන නිසාත් වෛද්‍යවරයා උපාධී සහතිකය රාමු කර බොඩ් ගසා නැති නිසාත් රෝගියාට දක්ෂ වෛද්‍යවරයෙකු මිස උපාධීයේ ජාතකය වැදගත් නොවන බැව් පසක් කරන්නට කැමතිය.

රටක අධ්‍යාපනයට ඇති හිමිකම අමානුෂික ලෙස අහිමි කිරීමට මේ යන ව්‍යාපාරයට මම එකහෙළා විරුද්ධ වෙමි.

Comments

Popular Posts