2014 පෙබරවාරි 14

ජංගම දුරකතයේ උදැසන 7 කණිසමට වේලා ඝන්ඨාව නාද වුනේ “ඇහැරපං ඇහැරපං“ වැනි හඬකිනි. ඇඳේ සිටම නිදිගැට හැරි මා පිබිද උදෑසන ම නාගන්න නාන කාමරයට ගියෙමි. වතුර කරාමය හැර බොහෝ වේලාවක් බලා සිටිය ද වතුර එන පාටක් නැත. උදේ පාන්දරම ලිඳට පලකෝ ජා.ජ.සේ ගේ ජාතිය අමතමින් ලිඳ පැත්තට යන කොට අම්මාත් වතුර කලයක් අරන් ගෙදරට එනවා.

මොක ද අම්මේ මේ.. වතුර කපලා..
ඔව් උඹ දැනගන්න ගෙදර ඉන්න එකක් යැ. ඊයේ හවස ඇවිත් කපලා ගියා මාස 2ක ඇරියස් තියෙනවාලු.
ඇයි තාත්තා ගෙව්වේ නැද්ද
8000ක බිල් ගෙවන්න තාත්තා රස්සා 10ක් කරන්නේ පුතේ...
හුටා වතුර බිල 8000ක් හෑ.. මගේ උදේ තිබ්බ ෆ්‍රෙස් ගතිය එහෙම්පිටිං නැතිවිය.

කොහොම හරි ඇඟපත හොඳගෙන පන්ති යන්න ලැස්ති වුනාම මතක් වුනේ අද 14 කියලා. ඉතින් යාළුවට මොනවා හරි ගන්නත් එපැයි ;) ඔක්කෝටම කලින් විශ් කරන්න ඕනේනේ...
" 143 my sweeeety. Mt me @ bs hlt."

බීප් බීප්... fq මෙච්චර ඉක්මනට රිප්ලයි ඇවිත් :O මටම පුදුමයි..

Message sending failed you have insufficient balance.   හෑ කලින් 0.10ට යවපු මැසේජ් එක මේ මොකෝ..
*100# -->  Your Account Balance is 1.32 on 14/02/2013 
හෑ

ආයි පාරක් යවලා බැලුවා.. ඒත් බෑ

ෂික් ගිය සතියේ ඉඳලා SMS එකට අලුතෙන් බදු ගැහුවානේ දැන් ආපහු 2ක් කරා කියලා මැසෙජ් එකක් ආවේ. මතක් වුනේ දැන්නෙ.

ඩෙනිමටම ටී ෂර්ට් එකක් දාගෙන පාරට බැස්සේ පන්තියටවත් වේලාසනින් යන්න කියලා.  කැළණි කැම්පස් එකෙන් කිරිබත්ගොඩට යන්න කියලා බස් එකට නැගලා රු 10ක් දික් කරාම මල්ලි කිරිබත්ගොඩට රු 30යි කිව්වේ නැතැ.

මගුලයි. වෙලාවට අතේ පරණ රු 50ක් තිබ්බා. හවසට එද්දි මොනවා හරි කරමු.
------------------------
කොහොමින් හරි පන්ති ඉවර වෙලා ගෙදර ආවේ හොඳ කිරි එකක් බිලා පොඩ්ඩක් නිදාගෙන පාඩම් කරන්න හිතං.
අම්මේ මම ආවා
ආ අන්න තේ හදලා කුස්සියේ අරන් බොන්න
මමත් කුස්සියට ගියේ මහන්සිය යන්නත් එක්ක තේ බොන්න..
හෑ තේ වතුර.. ඇයි අම්මේ මේ.. කිරි නැද්ද
පිටි එක ඉවරයි පුතේ
කෝ සල්ලි දෙන්න මම ගිහින් එකක් අරන් එන්න.
පිටි 400ක් ගන්න රු 1000ක් යනවා පුතේ මම ගාව සල්ලි නැ.. ලබන සතියේ තාත්තා පඩි ගත්තාම බලමු.

යකෝ මේ රටට හෙන ගහලා ද?
------------------------------------

රාත්‍රී 7 මේ නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති

හෙට දින සිට විදුලිය ගෑස් හා ඉන්ධන මිල ගනන් 45%කින් ඉහල නංවන බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයකින් දන්වා සීටී. ඒ අනුව මෙතෙක් පැවති මිල ගනන් 45%කින් ඉහල යයි.

රු 30ක් ව තිබු විදුලි ඒකකයක මිල රු 43.ක් දක්වා ද
රු 3200ක් ව තිබු ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල රු 4640ක් ද
රු 180 ක් තිබු ඔක්ටේන් 90 ප්‍රෙට්ල් ලීටරයක මිල රු 261ක් දක්වා ද ඉහළ නගිනු ඇත.

මේ පිලිබඳ විවිධ පාර්ශව දක්වන අදහස් දැන්.

- රටට දරන්න බැරි වෙලාවක අධික වියදමක් දරලා පොදුරාජ්‍ය සමුළුව පවත්වපු එකේ පලවිපාක අහිංසක ජනතාව පිටින් යවන්න මේ රජය උත්සහ කරනවා. මේක ආපහු 1972 මැතිණිගේ ආණ්ඩුව කාලෙට රට ගෙන යන්න උත්සහා දැරීමක්.
වංචාව දුෂණය මදිවට ජනතාවට උහුලන්න බැරි තරමේ බදු.

 ඒ අදහස් දැක්වුයේ එක්සත් ජාතික පක්ෂයේ නව නායක සජිත් ප්‍රේමදාස

දැන් කෙටි විරාමයක්-


ඕයි නැගිටපං අද වැඩට යන්නෙ නැද්ද? ඇඳට වෙලා හීණ බලනවා ද?

Comments

  1. බඩුම තමා! අනිවා ඩෙෆා එදාට ඔය ටික තවත් වැඩියෙන් එක්ක වෙයි!

    ReplyDelete
  2. ඔය ටික තමයි වෙන්නේ. හැබැයි ඊලඟ ඡන්දෙදිත් ඔය උන්නැහැලවම තමයි පත් කරලා යවන්නෙත්! ඔන්න ඔහොමයි ලංකාවේ ජනමහයා!

    ReplyDelete

Post a Comment

Popular Posts