ලිංගිකතාවය හා සමාජය - Sexuality & Social



ලිංගිකතාවය පිලිබඳ මුලික විග්‍රහයක් අප පසුගිය ලිපියේ සඳහන් කරා.  කොටින්ම කිව්වොත් ලිංගිකතාවය යනු යමෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය යි. ඊට අමතරව තුන්වනභාවය ක් ද පවතී, SHEMALE ලෙස සලකන්නේ එයයි. එනම් අප උපතින් ගෙන එන්නා වු ලිංගිකත්වය යි. ලිංගික ක්‍රියාකාරම් වල යෙදීමේ දී ඇති කරගන්නා සහායකයාගේ හෝ සහායිකාවගේ තේරීම ලිංගිකතාවයියි එනම් ලිංගික නැඹුරුව ඇත්තේ පුරුෂයන් වෙත ද ස්ත්‍රීන් වෙත ද යන්නයි.


ලෝකයේ පුද්ගල ලිංගික නැමියාව බොහෝ විවාදාත්මක කාරණාවක් ලෙසින් සැලකෙනවා. විශේෂයෙන්ම අප කථා නොකරන සමරිසි තත්වය හා උභය ලිංගිකත්වය.  අද ලිපිය ඒ ගැනයි වෙන් කරන්නේ.


අප පාසල් සෞඛ්‍ය අධ්‍යාපනයේ දී හා සමාජීය නැමියාව තුල අප දන්නේ පුරුෂයෙකු වී නම් ඔහු ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ ස්ත්‍රියක හා පමණක් බවයි. නමුත් එය එසේම නොවන වග අප කවුරුත් හොඳ හැටියට දන්නා කරුණක්.


ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ලිංගිකත්වය පිලිබඳ විවෘතව කථාකරන රටවල ද  ලිංගිකතාවය පුද්ගලාන්තර සම්බන්ධතා සඳහා අතිශය බලපෑමක් ඇතිකර තිබෙනවා. ඒ ඒ පුද්ගලයාගේ ලිංගික තේරීමේ ස්වභාවය අනුව එම තැනැත්තා වෙත සමාජය තුල ඇති පිලිගැනීමේ ස්වරූපයෙහි වෙනසක් දකින්නට පිලිවන්.
ශ්‍රී ලංකාව වැනි ආවෘත මනස්පිරි සමාජයක මේ තත්වය ඉතාම දරුණු ආකාරයක් ගන්නවා.


පුද්ගලයෙකුගේ ලිංගික නැමියාව යනු මානසික රෝගයක් නොව ඔහුගේ හෝ ඇගේ ඇති ආකර්ශණයේ ස්වභාවය යි.  එම  ලිංගික තේරීම එම පුද්ගලයාගේ මානව සම්බන්ධතා සඳහා කිසිදු බලපෑමක් නොකරයි.
උදාහරණයක් ලෙස පිරිමි වෛද්‍යවරු ප්‍රසව හා නාරීවේදය සම්බන්ධව කටයුතු කරනවා. එම වෛද්‍යවරයා එහිදී හෙතෙම තමන් සමරිසි, උභය හෝ විශම යනුවෙන් වෙන්කිරීමක් නොකරයි.


එසේ නම් විශම ලිංගික වෛද්‍යවරයකු (මානසික අසහනයකින් නොවේ නම්) තමා හා ප්‍රතිකාරගන්නා කාන්තාවන් සමඟ ලිංගික ක්‍රියාකාරකම් හී නිරතවිය යුතුය. වෘත්තීය ප්‍රතිපත්ති, සමාජ වගකීම් යන දෑ නිසා එම පුද්ගලන් තුල ස්වයං විනය ක්‍රියාත්මක වේ. ලිංගික තේරීම  නාරි වේදය වෙනුවෙන් විශම ලිංගිකත්වය සහිත පිරිමි වෛද්‍යවරු යොමු නොකල යුතුයි.
felixdeon.com


එලෙසින්ම සමරිසි තත්වය පිලිබඳව ද මා කථාකල යුතුයි. රූපලාවන්‍ය, මනාලියන් හැඩගැන්වීම , ආහාර සැකසීම , ඇඳුම් මෝස්තර නිර්මාණය , හිසකෙස් අලංකාරණය ආදීය කාන්තාවන් විසින් පමණක් කරනා කාර්‍යන් සේ සැලකේ. නමුත් එහි නිරත වන පිරිමි අයවලුන් බොහෝමයක් සිටී..  ඔවුන්තර බහුල වශයෙන් සමරිසි අයවලුන් සිටී.. සමහරුන් ගේ බාහිර පෙනුමෙන් ඒ බව දැකීමට ද හැකියී. ඔවුන් වෙනුවෙන් සමාජය තුල සාමාන්‍ය විශම ලිංගිකයෙකුට ලැබෙන පිලිගැනීම එලෙසින්ම ලැබෙනවා ද? යන්න අප සාකච්චා කලයුතුය.


“ඌ මචං පොන්නයා, කොලුකාරයා,  ඌට කොල්ලෙක් අහුවුනොත් ඉවරයි“  


මෙවැනි දෑ කොතෙකුත් පවසයි. ඔහු ආශ්‍රය කිරීමෙන් තමන් ට ද ඒ අයුරින් කථා හැදෙයි යනුවෙන් වෙනත් පුද්ගලයෙකු එවැන්නෙකු හා මිතුරු ඇසුරක් පවා ගොඩනගන්නට මැලි කමක් දක්වයි.  එය ද විය යුත්තේ.


හිතන්න ඔබ වැඩකරන ආයතනයේ , ඉගෙනුම ලබන අධ්‍යාපන ආයතනයේ පාසැලේ සිටින යමෙක් සිය ලිංගිකතාවය හෙලිකරනවා.. (ලංකාවේ නම් මෙය ඉතාම අඩුවෙන් සිදුවන්නක්).. ඔහු හෝ ඇය සමරිසි නම් ඔබ කලින් තිබු මිත්‍රත්වයේ දෑතම නැවත ඔහුට/ ඇයට දිගු කරනවා ද? නැතිනම් ඔවුන් කොන් කර ගැරැහීමට ලක් කරනවා ද?


ඔබ ඔවුන ගැරැහීමට ලක්කිරීමෙන් වෙන්නේ ඔවුන් තව දුරටත් සමාජය තුල හුදෙකලා වීමකී. ඔවුන් දිරිමත් කිරීමෙන් ඔවුන් ශක්තිමත් කිරීමෙන් වෙනසකින් තොරව ඔවුන් දෙස බැලීමට හැකි නම් ඔවුනට තව දුරටත් සමාජයෙන් ගැරැහීමට ලක් නොවී හුදෙකලා නොවී ඉදිරියට ඒමට හැකිය.





Thanks to Bhoomi De Silva

Comments

Popular Posts